SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

69 ලක්ෂයක  ජනවරම මොවුන්ට ලබාදුන්නේ මේ රටේ  ගොවියා, කම්කරුවා, ධීවරයා, සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයා බවත් ‍

මොවුන්ව බලයට ගෙනඒමට මහන්සි වුන හැම කෙනාටම දැන් පහර එල්ල කරලා තිබෙන බවත් 2024 පාර්ලිමේන්තු වැය ශිර්ෂය විවාදයට එක්වෙමින් ඊයේ (13) සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ප්‍රකාශ කළේය.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ මරික්කාර් මන්ත්‍රීවරයා,

“මේ  අය වැයෙන් විශේෂයෙන්ම අමුඩ ලෙන්සුවෙ ඉඳල උදැල්ලටයි, පොහොර මල්ලටයි බදු ගහලා තියෙන්නෙ. ඇමති  කියයි නොමිලේ  දෙනවා කියලා, හැබැයි අනෙක් වගාවන්ට මොකද වෙන්නෙ .  උදැල්ලක් රු .800ට  තිබ්බෙ. දැන් රු.3000ක්  වෙලා තියෙන්නෙ. එතකොට 540ක් වැට් එක වදිනවා .මෙන්න කෘෂිකර්මාන්තයට වෙලා තියෙන දේ.

සුලු හා මාධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන්ට මිලියන 80 තිබ්බ එක අදායම් බදු ගහන්න ඔින නිසා මිලියන 60කට ගෙනල්ලා. එතකොට තව ගණනකට බදුවදිනවා. ඒ හරහා මිලියන 100 ව්‍යාපාර තියෙන කෙනෙක් දෙකට කඩලා ව්‍යාපාර රෙජිස්ටර් කරනවා.

අනෙක් අතට රෙදිපිලි කර්මාන්තයට , අහාරපාන , අභරණ වලට බදු ගහලා, ඉන්දන වලට වැට් එක වැදිලා. ඒ තුලින් රු.35 ඉහළ යාමක් සිදුවුනාම ධීවර කර්මාන්තයට මොකද වෙන්නෙ?

මේ රටේ දරු පරම්පරාව විනාශ කරලා තියනවා. පාසලට යන වෑන් එකට යන වියදම , අභ්‍යාස පොත්වල ගණන් ඉහල යාම ...මහ ලොකුවට දේශීයත්වයට මුල්තැන දෙන ආණ්ඩුව ඌබර් එකට බදු ගහලා නෑ. දේශීය පික්මි එකට තියෙනවා. එක වෙනස් කරනවාලු.. නමුත් අපි දන්නෙ නෑ.

 

 

පළමු වතාවට චිත්‍රපට ප්‍රදර්ශනයට වැට් එක ගහලා තියනවා. තමන් බලයට ගෙනාපු පිරිසටම මෙයාලා පහර ගහලා. විශේෂ  අවශ්‍යතා තියෙන පිරිසගෙ උපකරණ සඳහා වැට් එක ගහලා තියෙන්නෙ. වෙෙද්‍ය උපකරණ සඳහා වැට් එක ගහාලා. ලොකුකමට කියවනවා ආණ්ඩුවෙ වෙෙද්‍ය උපකරණ නොමිලේ  ගෙන්වනවාලු . නමුත් මිනිස්සු බාල බෙහෙත් බීලා මැරෙන්න ඉස්පිරිතාලෙ යන්න බයයි.

 

 

රජයේ සේවකයන්ගේ  වැට් එක වැඩි කරලා. මේ  ටැක්ස් එකෙන් මිලියන 100 බලාපොරොත්තු වුනත් මිලියන 140 එකතු වෙනවා. ඒ  අතින් වැට් එක වුනාම ඒ මිනිස්සු දෙපැත්තකින් මිරිකෙනවා. ඉතින් බුද්ධිගලනයක් වෙන එක අහන්න දෙයක්ද?

 

 

එක ඇමති කෙනෙක් කියනවා පෝළිම් නැති වෙලාලු. අපිද එතකොට පොලිම් හැදුවෙ? අපිද ලයිට් කැපුවෙ? දැන් කියනවා අපි පෝළිම්, ලයිට් කපන එවා නතර කරාලු. රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ ගුණ වර්ණනා කරනවා.. එදා රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධ උනා..දැන් ගුණ කියනවා.

 

 

තෙල් වෙළඳ පොළ විවෘත කරනවාට අපි කැමතියි. තරඟකාරී වෙළඳපොලක් හදන්න. නමුත් මේ වගේ බදු අසීමිතව බදු  ගහලා සෑම මට්ටමකම ජනතාව පීඩාවට පත් කරනවාට අපි විරුද්ධයි.

පෝළිම් නෑලු... පෝළිම් තියෙනවා.. නමුත් බලන්න බෙහෙත් පෝළිම්, ශෙෙල්‍යකර්ම පෝළිම්.. හොරකම් කරන පෝළිම, මිනීමරණ පෝළිම ඒවා තියෙනවා.

 

මුදල් රාජ්‍ය ඇමති කියනවා  ආධායමෙන්  40% රු.බිලියන 1400ක් බලාපොරොත්තු වෙනවලු. මේ අව්රුද්දෙ රුපියල් බිලියන  908යි.  නමුත් එන්නෙ 68යි. මේ  විදිහට ආධායම් නැතුව බදු වැඩිකරාම වෙන්නෙ දරාගත නොහැකි විදිහට බදු බර වැඩිවීම.

 

ආයෝජන අවස්ථා සකස් කරන්නෙ නැතුව අධායම් ලැබෙන්නෙ නෑ. මේ වසරේ  ණය ගෙවන්න තියනවා, පොළිය විතරක් බිලියන 3919ක්. නමුත්  අපේක්ෂිත ආධායම බිලියන 3800 විතර.. දැන් කියනවා බදු වැඩිකරලා විදුලිබිල අඩු කරලා සහන සලසනවාලු . ඊට පස්සෙ තෙල් වලින් නිෂ්පාදන විදුලිය සඳහා වැඩි මිලක් යනවා කියලා මාර්තු ඉඳන් නැවත වැඩි කරයි. අයෝජකයන් ලංකාවට එන්නෙ නෑ. දුෂණ, කොමිස් මුදල් අයකර ගැනිම නිසා.

 

 

අඩුම තරමින් ලංකාවෙ අධිකරණය ඉදිරියෙ වැරදි කරුවන්වූ  රට විනාශ කරපු පිරිසට දඩුවම් තියා දඩුවම දෙනවාද කියලා ඉඟියක්වත් තියනවාද?”

 

 

සම්පූර්ණ කතාව පහතින්....

 

 

නවතම ලිපි