SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඩෙල්ෆ්, නයිනතිව් සහ අනලතිව් යන දූපත්වල ඩොලර් මිලියන 11ක විදුලි ව්‍යාපෘති සඳහා ලංසුව හිමිව තිබූ

U-Solar Clean Energy Solutions (Pvt) Ltd සමාගම එම ලංසුවෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා රජයට දන්වා ඇතැයි වාර්තා වේ.

 

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව U-Solar Clean Energy Solutions (Pvt) Ltd සමාගම වෙත ඩෙල්ෆ්, නයිනතිව් සහ අනලතිව් යන දූපත්වල ඩොලර් මිලියන 11ක විදුලි ව්‍යාපෘතිය සඳහා ලංසුව ලබා දීමේ යෝජනාවට 11 වෙනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද බව පසුගියදා (12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඇමති බන්දුල ගුණවර්ධන විසින් දැනුම් දී තිබුණි.

 

කෙසේ වෙතත් U-Solar Clean Energy Solutions (Pvt) Ltd සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ, කේ.ආර් හරිනාරයන් විසින් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ තමන් එම කුඩා දූපත්වල දෙමුහුන් (Hybrid) පුනර්ජනනීය බලශක්ති පද්ධති ගොඩනැගීම සඳහා වූ අංක SEA/PD/RES/25-2022 දරණ ලංසුවෙන් ඉවත් වන බවය.

 

පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කර සිටියේ ආයෝජන නමින් හඳුන්වන සූර්ය විදුලිබල ව්‍යාපෘති, ගල් අඟුරු ව්‍යාපෘති, ඩීසල් බලාගාර ව්‍යාපෘති ආදියෙන් මෙන්ම ඉන්ධන ගෙන්වීම ආදීන්ද සිදුවන්නේ අතයට කළු ගණුදෙනු හරහා බවයි.

 

ඊට අදාල ලිපිය පහතින් දැක්වේ,

 

“2023.11.17
අධ්‍යක්ෂ ජෙනරාල් වෙත,
දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව,
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය,
අංක 72, ආනන්ද කුමාරස්වාමි මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
හිතවත් මහත්මයාණනි,

ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් කුඩා දූපත් වල දෙමුහුන් (Hybrid) පුනර්ජනනීය බලශක්ති පද්ධති ගොඩනැගීම සඳහා වූ අංක SEA/PD/RES/25-2022 දරණ ලංසුවෙන් ඉවත් වීම.

ඉහත ලංසු කැදවීමට අදාළව අපි විසින් 2023.10.27 දිනැතිව ඔබ වෙත ඉදිරිපත් කරන ලද ලංසුව විධිමත්ව ඉවත් කර ගැනීමට ලියන මෙම ලිපිය ඔබ වෙත නිවැරදිව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

අපි විසින් අපගේ වර්තමාන එකඟතා සහ සම්පත් පිළිබඳව කරනු ලැබූ නැවත තක්සේරුවකින් (ඩොලර් අනුපාතය) පසුව කනගාටුවෙන් වුවද මෙම ලංසු ක්‍රියාවලිය තුළ ඉදිරියට නොයාමට තීරණය කළෙමු.

මෙම ලංසු කැඳවීම සඳහා අප හට සහභාගී වීමට ඉඩදීම ගැන අපි අගය කරමු. මෙම ව්‍යාපෘතියේ වැදගත්කම අප හට අවබෝධ වන අතර අපගේ මෙම ඉවත් කර ගැනීම නිසා යම් අපහසුතාවක් සිදු වූයේ නම් එයට අපි සමාව ඉල්ලමු.

මෙම ලංසු ක්‍රියාවලියේ පාරදෘශ්‍ය භාවය සහ සාධාරණත්වය පිළිබඳ අපි, අපගේ කෘතඥතාවය පලකර සිටිමු. මෙම ඉවත් වීම ඔබ ආයතනය සමඟ අනාගත අවස්ථාවන් සඳහා සහභාගී වීමේ අපගේ හැකියාව කෙරෙහි බලපෑමක් සිදු නොවනු ඇතැයි බලාපොරොත්තු වෙමු. මෙම ඉවත් වීම සම්බන්ධයෙන් යම් විධිමත් භාවයක් හෝ ක්‍රියාවලියක් අප විසින් පිළිපැදිය යුතු නම් ඒ බව අප වෙත ඔබට හැකි විගසින් දැනුවත් කරන්න.

ඔබගේ කාලය සහ සැලකීම ගැන ස්තුතියි,
කේ.ආර්. හරිනාරයන්
(ප්‍රධාන විධායක නිලධාරි සහ අධ්‍යක්ෂ)”

 

A soour

 

@Lankatruth

නවතම ලිපි