SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න වෛද්‍ය ප්‍රතිකාර සඳහා අයර්ලන්තයට යවන ලෙස

ක්‍රීඩා වෛද්‍ය ආයතනය කළ ඉල්ලීම ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

 

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව (NOCSL), ජාතික ක්‍රීඩා සංගමය (NSA), ජාතික තේරීම් කමිටුව (NSC), ජාතික ක්‍රීඩා සභාවේ (NSC) සහ ක්රීඩා වෛද්ය ආයතන‌යේ  නියෝජිතයින් සමඟ අමාත්‍යාංශ කාර්යාලයේ පැවති හමුවකදී ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

 

මෙහිදී ක්‍රීඩා වෛද්‍ය ආයතනය ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් අවසර ඉල්ලා ඇත්තේ තරුෂි කරුණාරත්නගේ වෛද්‍ය වියදම් සහ අයර්ලන්තයේ අනෙකුත් වියදම් සඳහා අවශ්‍ය මුදල් නිදහස් කරන ලෙස ය.

තරුෂි ඇයගේ සොහොයුරා සහ වෛද්‍යවරයකු සමඟ අයර්ලන්තයට යාමට සූදානම්ව සිටි අතර ඔවුන් ඔවුන්ගේ ගමන් වියදම්, වෛද්‍ය සහ නවාතැන් වියදම් සඳහා මුදල් ඉල්ලා ඇත.

 

ඇයගේ ආබාධය පිළිබඳව තරුෂි  ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය (SLA) වෙත හෝ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව (NOCSL) වෙත කිසි දිනක දැනුම් දී නොමැති බව ද  ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

එසේම ඉන්දියාවේ ඇපලෝ හෝ සිංගප්පූරුවේ ක්වීන් එලිසබෙත් රෝහල වැනි ප්‍රසිද්ධ රෝහලකට ඇයව යැවීමට කටයුතු සම්පාදනය නොකර අයර්ලන්තයට යැවීමට ක්‍රීඩා වෛද්‍ය ආයතනය විසින් සිදු කර ඇත්තේ  අරුම පුදුම පියවරකි.

 

මෙම යොවුන් ක්‍රීඩිකාව ඇගේ ආබාධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේදී කිසි දිනක MRI ස්කෑන් පරීක්ෂණයකට මුහුණ දී නොතිබූ අතර මේ නිසා  ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් ඉල්ලා සිටි වියදම් රැස්වීමේදී ප්‍රශ්නාර්ථයක් බවට පත්ව ඇත.

 

තරුෂි කරුණාරත්න ජනවාරි 4 වැනිදා අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත බවත් දෙසැම්බර් දෙවැනි සතියේ අයර්ලන්තය බලා පිටත්ව යාමට කටයුතු යොදා තිබූ බවත් මෙහිදී අවධානයට ලක්විය.

අවසානයේ විශේෂ වෛද්‍ය සභාවක් මගින් සිදුකෙරෙන විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ඇයව භාජනය කරන ලෙස අමාත්‍යවරයා නියෝග කර ඇත.

 

ඔක්තෝම්බර් මාසයේදී චීනයේ Hangzhou හි පැවති 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමත් සමඟ තරුෂි කරුණාරත්න ප්‍රසිද්ධියට පත් විය.

එහිදී වලල ඒ.රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් ක්‍රීඩිකාව සියලු බාධක අභිබවා තත්ත්පර 2:03.20 කින් තරගය නිමා කිරීමට සමත් වූවාය.

වසර 21කට පසු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන්  තරුෂිගේ සාර්ථකත්වයට විශාල වැදගත්කමක් එමගින් හිමි විය. 

නවතම ලිපි