SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • ජනවාරි 01දායින් පසු එජාපය වැඩ අරඹයි..
  • පොහොට්ටුවෙන්  ගිලිහුනු ජ්‍යෙෂ්ටයො රැසකගේ සන්දානයත් එජාපය සමග...
  • සාගලට රවීට ලොකු පුටු...
  • රනිල් අනුරට ආදරේ ඇයි?
  • වෘත්තිකයෙක් පොදු අපේක්ෂකයා වෙයිද?

 

 

“අපේ කට්ටිය මොනව කතාකලත් අනුරට බනින්න යන්න එපා”

මේ කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහ දේශපාලන කරළියේ තමන්ගෙ අයට කියන කතාවක්.

 

මහ කක්කුට්ටා

 

 පහුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක බොහොම තදින්ම, ඇදේට ගමන් කරන මහ කක්කුට්ටෙක් කියල ජනාධිපති වික්‍රමසිංහට කිව්ව.

වෙන කෙනෙක් කිව්වනම් රනිලු කරන්නේ කට උත්තර නැති වෙන්න දෙකක් කියල කිච කරන එක.

ඒත් ජනාධිපති අනුරව ඉවසගෙන එයා අහපු ප්‍රශ්නවලට බොහොම සංයමයෙන් උත්තර දුන්න..

කට්ටිය කාලෙක ඉඳන් මේ සම්බන්ධයට විවිධ කතා කියල ‌ජවිපෙට මඩ ගැහුව..

ඒක වෙලාවකට අනුරට කරදරයක් වෙන්න තරම් වෙලා තිබුන..

 

රනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රීකම අරගෙන අවුරුද්දකට විතර පස්සෙ පාර්ලිමේන්තුවට ආවම එයාගෙ ආසනය සූදානම් වෙලා තිබුණෙ අනුර ළඟින්මයි..

අනුර මේ ගැන දන්න අයට විශේෂයෙන් කතා කරල ඒ සීට් එක වෙනස් කරල දෙන්න කියල ඉල්ලලා තිබුණ.

“මේ මනුස්සය මගේ ලඟ ඉඳගෙන යාළුවෙක් වගේ කතාකරන්න ගනීවි. ඉඳල ඉවරයි එළියට ගිහින්”

අනුර කුමාර කියල තියෙනවා.

 

මේ කතා ටිකාක් විතර පරණ උනාට මොකද අදටත් වලංගුයි.

මේක අනුරගෙ පැත්තෙන් ඉඩක් නැතිවම රනිල්ගෙ ආත්මීය ආදරයක් වෙන්නත් ඇති..

නැත්නම් අනුරයි රනිලුයි හොඳ යාළුවො වෙන්නත් ඇති..

එහෙමත් කට්ටිය කතා උනා.

 

තඹුත්තේගම අනුර කුමාරයි, කුරුඳුවත්තෙ රනිල් වික්‍රමසිංහයි යාළෙුවො වෙලා කිව්වම නාගරිකයො මධ්‍යම පන්තිකයො ගැන හීන මවන පානදුරේ පැත්තෙන් ආපු පරණ පශ්චාත්නූතනවාදයේ  පියා කියල හිතන මිතුරෙක්ට ඌරු ජුවල් ලු.

එජාපය රෙඩි

 

ජනවාරි පළමුවෙනිදායින් පස්සේ එජාපය වැඩ පටන් ගන්නව කියල දැන් එජාපයේ ඇතුලෙන්ම තොරතුරු එනවා..

මෙච්චර දවස් රවීලට අකිලලට මල පැනල ඉඳල තියෙන්නෙ පක්ෂය ප්‍රති- සංවිධානය කරන්නෙ නැහැ කියල.

“එයා ලෝකෙම හදන්න යනව..තවමත් පක්ෂෙ දෙතුන් දෙනා විතරයි..ඒකෙ පුටු වෙනස් කරල පක්ෂය ප්‍රතිසංවිධානය කරන්නෙ නැහැ”

කට්ටිය දෙස් දෙවොල් තිව්වෙ හොරෙන් හොරෙන්..

 

පහුගිය දවසක රවී වහෙන් ඔරෝ නැතිව කෙලින්ම ජනාධිපති වික්‍රමසිංහට මේ ගැන කියල..

 

“හරී හරී.. රවී කළබල නැතිව ඉන්නකො. ඔක්කොම සෙල්ලම් දෙසැම්බර් 31 වෙනකල් විතරයි.. ඉන්පස්සෙ ආණ්ඩුවෙයි පක්ෂෙයි හුගාක් තනතුරු වෙනස් වෙනව.. අපි ජනවාරි පළවෙනිද ඉඳල යූඇන්පීයෙ වැඩ පටන් ගනිමු”

ලොක්ක රවීගෙ හිත හදමින් කියල..

 

ඇතුලෙන් කියන විදිහට යූඇන්පීය ජනවාරියෙ වැඩ පටන් ගන්නෙ සාගලටයි රවීටයි පක්ෂෙ ලොකු පුටු දීලලු..

 

මේ අතරෙ කෙටිකාලයක් ඇතුලෙ  පීක් එකටම ඇවිත් ඒ වේගෙන්ම බිමටම කඩන් වැටුනු පොහොට්ටු පක්ෂයෙන් හීන් සීරුවෙ සීරුමාරු වුනු ජ්‍යෙෂ්ටයො ගණනාවක් සන්දානයක් හදාගත්ත..

මේ පොහොට්ටු සෙට් එකට  ජනාධිපති වික්‍රමසිංහව මහින්ද ලොක්කටත් වඩා හිතට අල්ලලා තියෙනව කියලනම් කට්ටිය එහෙන් මෙහෙන් කතා වෙනවා.

ඒ කොයික උනත් මේ සන්දානයෙ කට්ටිය මේ වෙද්දි සජබයයි ජාජබයයි  ඇරෙන්න අනික් හැමෝම එක්ක සාකච්ඡා නම් කරලලු තියෙන්නෙ පොදු අපේක්ෂකයෙක් ගේන්න ඔින කියල.

 

මොනව උනත් 2024 මැතිවරණ වර්ෂය කියන්නෙ රටේ  මිනිස්සු හුස්ම ගන්න බැරිවෙන්නම බදුවලින් හිරවෙච්ච වසරක් කියල අපි දැනටමත් දන්න එකේ පොදු අපේක්ෂකයො හොයාගෙන හරි නැතා හරි ඡන්දෙ ඉල්ලගෙන යන්නෙ නම් පරිස්සමින් හොඳේ..

 

 

වෘත්තිකයෙක් රජ කිරීම

 

මේ අතරෙ පාර්ලිමේන්තුවේ විද්වත් කියල නම්දරාපු කණ්ඩායම නම් දැන් වෘත්තිකයෙක් දාල රට ගොඩගන්න මාරම උවමනාවෙන් ට්‍රයි එකක් දෙනව කියල ශ්‍රී ලංකන් ලීඩර් Pure Gossip  එකෙනුත් කිව්ව..

 

ඒකට ශ්‍රිලනිපයත් සම්බන්ධයි කියලත් ශ්‍රිලනිපය නිර්මාතෘගෙ පවුලෙනුත් හොඳ සපෝට් එකක් ලැබෙනව කියලත් කියල තිබුණ.

 

මේ මොනව උනත් කාගෙ කාගෙත් ප්‍රබලම සතුරා නැත්නම් තරඟකරුවා ජාතික ජන බලවේගයේ අනුර කුමාරය කියල සමීක්ෂන වාර්තා කරපු අයයි ඒව පිලිගත්තෙ  නැති අයයි  විශ්වාස කරනවා කියල මුළු රටම දන්නවලු.

 

ඒ හින්ඳ හැමෝම එන අව්රුද්දෙ නෙලන්න බලාගෙන ඉන්නෙ ඒ උන්දැටය කියල ආරංචියි. දැම්ම තියා ලියල තියාගන්න.

 

#පොලිටිකල් හෑලි

නවතම ලිපි