SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හෙට 2024 අයවැය අනුමැතියට ඉදිරිපත් වෙනවා.


සමහරු කියනවා මේ වෙද්දි ආණ්ඩුවේ 113 දැන් නැති ලු.

ඒත් කව්රු කොහොම කිව්වත් අද රෑ නත්තල් පප්ප මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වලට ගානට රිංගයි ලු.

දෙන්නෙම නෑ ඡන්දෙ කියපු සමහර මන්ත්‍රීලට තෑගිත් ලැබෙයිලු පොරොන්දු තොගයකුත් එක්ක.

ඉතිං දවස අන්තිමේ කට්ටියම ඡන්දෙ දීලා අයවැය සම්මත කරගනීලු.

වැඩිම උනොත් වැට් එක වැඩිකරල පාටි දැම්ම වගේ හෙට  රෑටත් පාටියක් දාන්නත් බැරි නැතිලු.

 

 

ඒ මොනව උනත් මේ කියන්නෙ යන්නෙ අයවැය සම්මත කරගන්න විදිහ ගැන නම් නෙවෙයි.

හැබැයි අයවැයට සම්බන්ධයි.

 

 

අයවැය දවසෙදි අපේ හිටපු සෙල්ලම් ඇමතිතුමා කරන්න යන අළුත්ම සෙල්ලම ගැනයි.

ඔන්න හෙට හිටපු සෙල්ලම් ඇමතිතුමා දියවන්නාවෙදි  අයවැයට විරුද්ධව ඡන්දය දෙනවාලු.

ඉන් පස්සෙ උන්දෑ වෙඩි වගේ කතාවක් පවත්වලා  දියවන්නාවෙ ස්වාධීන මන්ත්‍රී කෙනෙක් වෙනවාලු..

පහුගිය කාලෙ සජබයට යයි කියල කිව්වට මොකද දැන් තියෙන ස්ටයිල් එකලු ස්වාධීන වෙන එක..

 

 

ස්වාධීන උනා වගේ නෙවෙයි ඉන් පස්සෙ දියවන්නාවේ කතාකරන්න නම් ආණ්ඩු පක්ෂයෙන් වෙලාවක් ලැබෙන්නෙ නැහැලු..

 ඉතිං කතාකරන්න වෙලාවක් අරන් දෙන්නෙ කව්ද එතුමට..

ඒ ගැන නං බයවෙන්න දෙයක් නෑලු.. විපක්ෂ නායකතුමා ඔිනැම මොහොතක වෙලාව වෙන් කරන්න සූදානම්ලු..

 

#Gossip

නවතම ලිපි