SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තීරණය කර ඇත.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ සඳහන් කරන්නේ අතුරු කමිටුවක් පත් කිරීමේ තීරණය අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට තමන් අත්සන් තැබූ බවය.

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමේ අරමුණ සහිතව තමන් මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

 

මේ අතර අදාළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නීතිපතිවරයාට දැනුම්දුන් බවය.

 

එසේම එම විගණන වාර්තාව පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිරීක්ෂණයන් සඳහා ඔවුන් වෙත ලිඛිතව දැනුම්දීමට පියවර ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

 

සිම්බාබ්වේ - ශ්‍රී ලංකා විස්සයි20 තරඟාවලිය

 

මේ අතර  සිම්බාබ්වේ ජාතික පිරිමි කණ්ඩායම 2024 ජනවාරි මාසයේදී එක්දින තරග තුනකින් සහ විස්සයි20 තරග තුනකින් සමන්විත තරඟ  සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවේ පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි.

 

සිම්බාබ්වේ කණ්ඩායම  2024 ජනවාරි 3 වන දින දිවයිනට පැමිණෙනු ඇත.

 

තරඟ කාලසටහන

දිනය

තරගය

කාලය

ස්ථානය

6th 2024 ජනවාරි

1st ODI

14h30

RPICS, කොළඹ

8th 2024 ජනවාරි

2nd ODI

14h30

RPICS, කොළඹ

11th 2024 ජනවාරි

3rd ODI

14h30

RPICS, කොළඹ

       

14th 2024 ජනවාරි

1st T20i

19h00

RPICS, කොළඹ

16th 2024 ජනවාරි

2nd T20i

19h00

RPICS, කොළඹ

18th 2024 ජනවාරි

3rd T20i

19h00

RPICS, කොළඹ

නවතම ලිපි