SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යටත් විජිත යුද අධිකරණයේ තීන්දුවක් මත වසර එකසිය අටකට පෙර සිදුකළ

එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ඝාතනය පිළිබඳ පරීක්‍ෂණයත් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

 

ශ්‍රී ලංකාවේ යටත් විජිත පාලන අධිකාරිය විසින් රජයට එරෙහිව කැරලි කෝලාහල සහ රාජද්‍රෝහී ක්‍රියාවන් සිදු කළේ යැයි චෝදනාව එල්ල කරමින් යුද අධිකරණයක් හමුවට පමුණුවා රාජා ද්‍රෝහී චෝදනාවට වරද කරු කොට එවකට 27 වියැති  එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්  මහතා 1915-7-7 වන දින කිසිදු අභියාචනයක් නොසලකා මරණ දඬුවමට ලක් කරනු ලැබ ඇත.

 

ඔහුගේ දේහය යුද නීතිය යටතේ වරදකරු වූ අපරාධකරුවකු ආදාහනය කිරීමට නියම කර ඇති ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් හෙළි නොකළ පරිශ්‍රය පරිසරයක ආදාහනය  කර තිබේ.

හෙන්රි පේද්‍රිස්  ඝාතනය එවකට මෙරට පාලනය කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදු කරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් වශයෙන් පසුව හඳුනා ගනු ලැබ තිබේ.

 

ඒ අනුව එම ඝාතනය පිළිබඳ සැබෑ තොරතුරු අනාවරණය කරගෙන එතුමාට යුක්තිය ඉටු කිරීම පිණිස අදාළ කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

@lankadeepa

 

මේ එම පුවතට ලැබී තිබූ ප්‍රතිචාර කිහිපයක්

 

Mahasen

88/89 කාලේ ඝාතනය කරපු උන් ගැන හොයන්න කොමිසමක් පත් කලොත් නරකද

 

සුරංග 

අදහස හොදයි. ඒකට සෑහෙන වන්දියක් අයකර ගැනීමට කටයුතු කරන්න පුළුවන් නම් ඉතාමත් හොදයි .ඒ ගමන්ම එංගලන්තයේ රජා ලංකාවෙන් සමාව ගැනීමත් කරනවා නම් හොදයි. කොහොම වුනත් එහෙම පාලනය ගෙන ගිය රජ පවුලේ විනාශය සිදුවෙමින් පවතින බවක් දැන් දැන් පේන්න තියෙනවා

 

Don 

ශතවර්ෂයකට පෙර සිදු වූ මරණයක් ගැන විමසීමට පෙර, කරුණාකර ෂාෆ්ටර් මහතාගේ මිනීමරුවන් සොයා ගැනීමට කාලය ගත කරන්න.

 

yaka 

 පරණ මිනියක් හරි කමක් නෑ මේ වෙලාවේ ගොඩ අරගෙන ලංකාවට කීයක් හරි ගන්න පුළුවන් නම්....මේ අප්පගෙම වැඩ...යකෝ මේ රටේ එකම ප්‍රශ්නෙ ඕක ද

 

Asanga 

තාජුදීන්, ලසන්ත වික්‍රමතුංග​, ඝාතන වල සුල මුල හොයා ගන්න අමාරුය​?

නවතම ලිපි