SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔන්න අද ඉතිං දියවන්නාවේ කට්ටියට ඉරිදාවත් අමතර දියවන්නා දවසක් කළාලු.

ඒ වැට් බදු සංශෝධන පනත විවාදයට ගන්නත් අවසානයේ ඡන්ද විමසීම කරන්නත්.

මේ පනත  නිසා ලබන ජනවාරි ඉඳල හැම භාණ්ඩ හා සේවාවකටම ටැක්ස් එක වදිනව කියල කට්ටිය කියන්න ගත්තේ සති ගානක ඉඳල.

 

 

ඒ අතරෙ ලබන වසරෙ මැතිවරණ ගණනාවක් තියෙනව කියලත් ප්‍රකාශයට පත් කරල තිබුනෙ ලොකු මහත්තය විසින්.

අද කට්ටියම දියවන්නාවට  ආවට පස්සෙ  මුදල් අමාත්‍යාංශයෙන් පනත ඉදිරිපත් කලේ  සියඹලාපිටියෙ ඇත්තො. හැබැයි උන්දැ කොළේ වහල ගහන්න හදපු එක කට්ටියටම තේරිලා.

මුලින්ම සියඹලා උන්නැහෙගෙ කතාව මැද්දෙදිම ඇදිල ආව පොයින්ට් එක තමයි,

 

 

“මොකක්ද ඔය නිදහස් වෙලා තිබුන භාණ්ඩ ඒ ලේඛනයෙන් ඉවත් කරල තියෙනව කියන්නෙ?” කියන්නකො අළුතින් මෙන්න මේ භාණ්ඩවලට බදු ගහනව කියල”

 

“ඔයා සිංහල දන්නෙ නැහැ. මේ කිව්වෙ හරි සිංහලෙන්..”

සියඹලා ගොරක එකට එකතු උනේ ඉන්පස්සෙ.

 

“ඒක තමයි පනතක් ඉදිරිපත් කෙරෙන විදිහ. දියවන්නාවට එන ඇත්තොන්ට මේව ගැන අවබෝධයක්, දැනුමක් තියෙන්න ඔින”

එහෙම කිව්වෙ සේමසිංහ මලයා..

ඔන්න දැනුමයි විද්‍යාවයි බුද්ධියයි එතැනටත් පැන්න..

 

 

“මේ ලොක්කා මම ඉංගිරිසිත් දන්නව සිංහලත් දන්නව. මම පේරාදෙනියෙ සිංහලෙන් තමයි මූලික  උපාධිය ගත්තෙ”

හර්ෂ ලොක්ක, මහා ආර්ථික විද්‍යාඥයා එහෙම  කියාපි..

 

 

“දැන් මොකක්ද මේ?

දැන් උදළුතලයට වැට් ගහනව කියලද? නැහැ කියලද තියෙන්නෙ??

ආයෙත් ප්‍රශ්නයක්..

 

 

"මේ මන්ත්‍රීතුමා මට ඔක්කොම එකින් එක කියන්න බෑ. මම කියන්නම් අදාළ සිංහල ලේඛන පාර්ලිමේන්තුට ලබාදෙන්නය කියල.."

සියඹලේ ටිකක් හයියෙන් කෙඳිරිගෑවා.

 

 

මේ අතරෙ දියවන්නාවෙ ඇතුලෙ පොඩි සැලැස්මක් ටික ටික වැඩ කරන්න ගත්තලු.

එතැන හිටපු දියවන්නා සගයෙක් අපිට කියල එව්වෙ මේ වගේ කතාවක්..

 

 

විවාදය පැවැත්වෙන අතරතුර සභාගර්භය තුල සිටින්නේ ආන්ඩුපක්ෂයේ මංත්‍රීවරුන් 15ක පමණ ප්‍රමාණයක් බව විපක්ෂයේ වාඩිවී සිටි මංත්‍රීවරු පිරිසක් නිරීක්ෂණය කර තිබෙනවා.

ඒ අනුව විපක්ෂයේ සිටි පක්ෂ කිහිපයකම මංත්‍රීවරු එකිනෙකා සමග සාකච්චා කොට හදිසියේම සභාගර්භයෙන් පිටවී තිබෙනවා. මේ අය අතර සජිත් ප්‍රේමදාස අනුර දිසානායක විමල් වීරවංශ නාලක ගොඩහේවා වීරසුමන වීරසිංහ ගෙවිඳු කුමාරතුංග ලක්ෂ්මන් කිරිඇල්ල චරිත හේරත් උදයන කිරිඳිගොඩ රෝහිණී කවිරත්න හර්ෂ  සිල්වා ඇතුලු 25 කට වැඩි පිරිසක් සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නලීන් බන්ඩාර මංත්‍රීවරයාට උපදෙස් දුන්නේ සභාගර්භයේ රැඳීසිට සභාවේ ඝණ පූර්ණය නැති බව කතානායක වරයාට දැනුම් දෙන ලෙසයි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව ඒ අවස්ථාවේ සභාගර්භය තුල විපක්ෂයේ නලීන් බන්ඩාර හා ආන්ඩු පක්ෂයේ සියලූම දෙනා සමගත් ඒ අවස්ථාවේ ඝණ පූර්ණයට අවශ්‍ය මංත්‍රීවරුන් 20 ක් නොසිටි නිසා නියෝජ්‍ය කතානායක අජිත්  රාජපක්ෂ පාර්ලිමේන්තු සභාගර්භයට මංත්‍රීවරුන් කැඳවීමේ සීනුව නාද කරනා ලෙස නියෝග කලා.

නමුත් විනාඩි පහක් ගත්වීත් සභාවට අළුතින් ආවේ ආන්ඩු පක්ෂයේ බන්දුල ගුණවර්ධන පමනයි. විනාඩි පහ අවසන් වීමට පෙර සභාගර්බයට ඇතුලු වීමට ආ විපක්ෂයේ මංත්‍රීවරුන්ව පාර්ලිමේන්තු ආලින්දයේ සිටි සජිත් ප්‍රේමදාස අනුරකුමාර දිසානායක විමල් වීරවංශ නාලක ගොඩහේවා ලක්ෂමන් කිරිඇල්ල ඇතුලු මංත්‍රීවරුන් විසින් නවතනු ලැබුවා.

සජිත් දුරකථනයෙන් සභාව තුල සිටි නලීන් බන්ඩාරට කීවේ විනාඩි 5 අවසන් වූ වහාම නියෝජ්‍ය කතානායක අමතා ස්ථාවර නියෝග අනුව  සභාව කල් දානා ලෙස ඉල්ලා සිටිනා ලෙසයි. 

නියමිත කාලය අවසන් වන තුරුම ඝණ පූර්ණය සපුරා ගැනීමට ආන්ඩු පක්ෂයට නොහැකි වූ නිසා අකමැත්තෙන් වුවත් සභාව පසු දිනට කල් දමන්නට නියෝජ්‍ය කතානායකට සිද්ධ වුනා"

 

 

විපක්ෂය මෙතනදි හැමෝම එකට එකතු වෙච්ච එකට මාර හැපීලු..

 

ඔන්න ඔහොමයි බදු සංශෝධන පනතට අමතර කාලයක් අරගෙන ඒ දවස වැඩ දවසුත් කරල කර ඇරිය ඇමති මන්ත්‍රී ගොල්ලගෙ සෙල්ලම වෙලා තිබුණෙ. ඔිවට යන අමතර වියදම්  ගැන ඉතිං වගේ වගක් නෑ තමයි.

ඒව මොක උනත් අපිත් ටක්කෙටම දන්න එක ඇත්තක් තියෙනවා.

 

අද ඔය පොරවල් වගේ එන්නෙ නැතිව හිටපු මැති ඇමති ගොල්ලො හෙට ඇවිත් හෙට හවස බදු සංශෝධන පනතට අත උස්සාවි කියලනම් කියතෑකි..

එහෙම අත ඉස්සුවෙ නැත්නම් ඒ මහින්ද ලොක්ක බැරි බැරියාවෙන් හරි නාමල් ලොකු කොල්ලගෙ අනාගතේ ගැන හිතල ගන්න තීරණයක් වෙන්න ඔින..

 

කපටි නරියෙකුට මේ වගේ දේවල් ඉව වැටෙන්නත් ඒකට හරියන තාලෙ ඊළඟ සැලැස්මට සෙට් වෙන එකත් හරිම සුළු දෙයක් වෙයි. මොකද උන්දැට ප්ලෑන් බී කියල එකක් විතරක් නෙවෙයි තියෙන්නෙ. අකුරු විසිහයෙන්ම එයා ප්ලෑන් හදල ඇති..

 

හෙට හවසටත් බලමුකෝ...

 

#Gossip

නවතම ලිපි