SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මීළඟට පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය

චරිත් අසලංකට ලබා දිය යුතු බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු අරවින්ද සිල්වා යෝජනා කරයි.

 

ඔහු පෙන්වා දෙන්නේ චරිත් අසලංකට තරගය කියවීමේ හැකියාවක් ඇති බවත් වගකීමක් සහිතව පිතිකරණයේ යෙදෙන බව පෙනී යන බවත්ය.

කෙසේ වෙතත් තමන් මෙය ක‍්‍රීඩා පිටියෙන් එපිට සිට දකින තත්ත්වය බවත් එසේ නැතිව තමන් ක්‍රීඩකයන් ළඟින් සමීපව ආශ්‍රය කර ඔවුන්ගේ නායකත්ව හැකියාවන් ගැන පුද්ගලිකව හඳුනාගෙන කරන යෝජනාවක් නොවන බවද ඔහු සඳහන් කරයි.

ගුවන් විදුලි නාලිකාවක් සමඟ සාකච්ඡාවකදී අරවින්දද සිල්වා මෙම අදහස් පළ කර ඇත.

 

@cnews

නවතම ලිපි