SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔන්න  සමගි ජනබලවේගයේ නව සන්ධානය ජනවාරියේදී කලඑළි බහිනවාලු.

''අපි ඩලස් කණ්ඩායම එක්ක සාකච්ඡා වට දෙක තුනක්ම කළා.

එතැන 14ක් වගේ ඉන්න නිසා ඒ අය තමා ප්‍රධාන කණ්ඩායම වෙන්නෙ.

ජනවාරි මාසය අවසන් වෙන්න කලින් අවබෝධතා ගිවිසුමක් වගේ දේකට අපි එළඹෙනවා.''

 

සජබයේ ජේෂ්ටයෙක් කිව්වාලු.

 

 

“මේක හරිම තීරණාත්මක වැඩක්. ලබන අව්රුද්ද මැතිවරණ වසරක් නේ..”

 “අපි මේකට හොඳ සද්දයක් දාලම අළුත් අව්රුද්ද පටන් ගනිමු..”

 

හොඳ ප්‍රචාරක ඇහැක් තියෙන පුංචි උනත් හරිම සැර ගම්මිරිස් ඇටයක් වගේ ජාතික නාලිකාවක් හරහා ආපු මන්ත්‍රීතුමෙක් එහෙම කීවලු.

 

''පොහොට්ටුවේ තව කිහිප දෙනෙක් ඉන්නවා ඉන්ඩිපෙන්ඩන්ට් ගතියක් තියෙන. ඒ අය එක්කත් කතා කරගෙන යනවා. රොෂාන්ලා සන්ධානෙට එනවද  කෙළින්ම සජබෙට එනවද කියලා තාම තීරණයක් අරන් නැහැ. නමුත් අපිත් එක්ක එකතු වෙනවා.''

බරසාර ජේෂ්ඨයෙක් බොහොම සීරියස් විදියට කිව්වලු.

 

 

දැන් මේ එනවයි එනවයි කියන උදවිය මේ දවස්වල ඔය වගේ සන්ධාන ගණනාවක රහස් සාකච්ඡාවලට සහභාගී වෙනවලු.

 

 

දියවන්නාවේ  උසම උස හාදයෙකුත් මේ දවස්වල ලොකු බලවේගයක් හදමින්ලු ඉන්නෙ..

 

ආරංචියේ හැටියට දේශපාලනයේ කරණම් ගහපු සෑහෙන කාලයක් පොරවල් වුනු ජ්‍යෙෂ්ට ඇත්තො කිහිප දෙනෙක්ම මේ හාදයා එක්ක සම්බන්ධයිලු.

 

 

“මේ රට ගොඩගන්න නම් වෘත්තිකයොන්ට දැන්වත් රට බාරදෙන්න ඔින..

පවුල්වාදය බදාගෙන තවදුරටත් හිටියොත් බංකොලොත් රට වෙනත් රටක කොළනියක් වෙලා යාවි”.

ඔන්න උසම උස හාදයගේ දේශපාලන වැඩ සම්බන්ධීකරණය කරන  තවත් යහපාලනේ මැණික්පුරය පැත්තේ හිටපු නියෝජ්‍ය ඇමතිතුමෙක් කිව්වලු..

 

 

වැඩේ කියන්නේ මේ හැම ගොල්ලක්ම විස්වාසෙ තියන් ඉන්න මහාචාර්ය සෙට් එක දැන් සන්ධාන ගණනාවකටම හූමිටි තියලලු.

කව්රු ගඟේ යයිද කව්රු ගොඩ යයිද කියලා නම්  අනේ මන්දා...

 

මේව හොඳින් දන්න කපටි නරිය තවමත් ඉන්නෙ ෆුල්ම ආතල් එකේලු..

එයාටයි එයාගෙ පක්ෂෙටයි නම් මැතිවරණයක් ගැන වගේ වගක් නැතිලු.

 

 

#slleader gossip

නවතම ලිපි