SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වර­ද­කරු වුව­හොත් වසර 17ක සිරදඬු­වම්

අමෙරිකාවේ ජනාධිපති පුත්‍රයා වන හන්ටර් බයිඩ්න්ට දෙවැනි වරටත් නඩු පවරා ඇතැයි වාර්තා වේ.

 

එම නඩුව පවරා ඇත්තේ වසර 2016 සිට 2019 දක්වා කාලය ඇතුළත ෆෙඩරල් බදුවලින් අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1.4ක මුදලක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

සැලසුම් සහගතව එම බදු පැහැර හැරීම සිදු කර ඇතැයි හන්ටර් බයිඩ්න්ට චෝදනා එල්ල වී ඇති අතර, ව්‍යාජ බදු වාර්තා සහ වරිපනම් මග හැරීම ද එම චෝදනා අතර ඇතැයි වාර්තා වේ. 53 හැවිරිදි හන්ටර් බයිඩ්න්ට මීට පෙර පසුගිය සැප්තැම්බර් මාසයේදී ගිනි අවි චෝදනා යටතේ නඩු පවරා තිබිණි.

 

බදු නඩුවෙන් ඔහු වැරදිකරු වුවහොත් වසර 17ක සිර දඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද වාර්තා වේ.

 

@Dinamina

නවතම ලිපි