SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව සාමූහික ගිවිසුමකට එළැඹෙන ලෙසත් වතු කම්කරුවන් ඉල්ලා සිටින

අවම දෛනික වැටුප වන රුපියල් 1,700ක මුදල ලබා දීම හෝ වැඩි කරන වැටුප් ප්‍රමාණය පිළිබඳව මෙම දෙසැම්බර් මස 31 වනදාට පෙර දැනුම් දෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි සමාගම් ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කරන්නේ වැවිලි සමාගම් ප්‍රධානීන් සමඟ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

 

WhatsApp Image 2023 12 08 at 17.41.27

 

ලබන වසර මැතිවරණ වසරක් බවට හැරෙද්දී ඡන්ද මැසිම ක්‍රියාත්මක කිරීමේ විවිධ කාඩ්පත් විසිකරන්නට දේශපාලන අධිකාරිය  දැනටම සූදානම්ව ඇත. වසර ගණනාවක් පුරා රුපියල් දහසේ දෛනික දීමනාව වෙනුවෙන් හඩ නැගූ වතු කම්කරුවන්ට මෙවරවත් එය යථාර්තයක් වන්නේ නම් හොඳය.

එහෙත් ජනවාරි මස සිට තවත් ටැක්ස් තවත් එකතු වනවිට මෙම වැඩි කිරීමෙන් ඇති ඵලය කුමක්ද?

කෙසේ වුවත් පවත්නා ජීවන වියදමට සරිලන වැටුප් වැඩිකිරීමක් වතු ජනතාවට උරුම කරදෙන්නට දේශපාලන අධිකාරිය ක්‍රියාත්මක වන්නේ නැත. එහෙත් ඔවුන් නොමැරී ජීවත් කිරීමට පමණක් ප්‍රභූ පන්තිය සූදානම්ය. මන්ද ඔවුන්ට ඔවුනගේ ආර්ථික ව්‍යාපාරයන්වලට අවශ්‍ය ශ්‍රමය තවදුරටත් ලබාගත යුතු බැවිනි.

 

WhatsApp Image 2023 12 08 at 17.41.37

 

අද මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ මෙවර අයවැයෙන් යෝජනා කරන ලද කෘෂිකාර්මික නවීකරණ වැඩපිළිවෙළට අනුව ප්‍රාදේශීය වැවිලි සමාගම් ඔවුන්ගේ වැඩපිළිවෙළ සකස් කරගන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා ය.

 

වතු කම්කරු ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරී ඇත.

 

එම ඉදිරි කටයුතු සඳහා කමිටු පත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ අතර වතු කම්කරු ජනතාවගේ නිවාස අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කිරීමට එක් කමිටුවක් පත් කිරීමටත් වතු කම්කරුවන් සහ වැවිලි සමාගම් නියෝජනය කරමින් තවත් කමිටුව පත් කිරීමටත් මෙහිදී යෝජනා වී ඇත.

 

රටේ ආර්ථික දියුණුව ඇති කිරීමේ දී අපනයන ආර්ථිකයක් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බව මෙහිදී සදහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනාගේ දායකත්වය අවශ්‍ය බවද කියා සිටියේය.

 

ඉදිරියේ දී ආසියාතික රටවල ජනගහනය ශීඝ්‍ර ලෙස ඉහළ යනු ඇති බවත් ඒ සමඟ වැඩි වන ආහාර අවශ්‍යතාව වෙනුවෙන් මෙරට අපනයන ආර්ථිකය සූදානම් කළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

අමාත්‍ය මනූෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය රංජිත්  සියඹලාපිටිය සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙම අවස්ථාවට එක්ව ඇත.

 

WhatsApp Image 2023 12 08 at 17.41.29 1WhatsApp Image 2023 12 08 at 17.41.30WhatsApp Image 2023 12 08 at 17.41.31 1WhatsApp Image 2023 12 08 at 17.41.31WhatsApp Image 2023 12 08 at 17.41.34WhatsApp Image 2023 12 08 at 17.41.36WhatsApp Image 2023 12 08 at 17.41.37

නවතම ලිපි