SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ධීවර ක්ෂේත්‍රයේ රැකියාවල නිතරවන සියලුදෙනාගේ වෘත්තීය ගරුත්වය වර්ධනයටත් ආරක්ෂා කිරීමටත් කටයුතු කරමින්

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සී 188 ප්‍රඥපත්තිය අපරමානුගත කිරීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි. 

 

වැඩිදුරටත් ඔහු කියා සිටියේ එමගින් මෙරට ජාත්‍යන්තර වෙළඳ කටයුතු වලට සහ යුරෝපා සංගමය ලබාදෙන ජී.එස්.පී ප්ලස් සහනයට ශක්තිමත්  පසුබිමක් නිර්මාණය කරගැනීමට හැකියාව  ලැබෙන බවත් ය.

 

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සී 188 ප්‍රඥප්තිය අපරමානු කිරීමට අදාලව අද (01) දින කෙටුම්පත් රෙගුලාසි ඉදිරිපත් කිරීම සහ සංවේදීකරණය හරහා පාර්ශවකරුවන් සවිබල ගැන්වීමට පැවැත්වූ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.‍

 

මෙරට ධීවර ක්ෂේත්‍රයේ රැකියා කරනු ලබන සියලුදෙනාගේ සුරක්ෂිතභාවය උදෙසා රජය විසින් විශේෂ අවධානයක් යොමුකර ඇති බවත් ඔවුන් මෙරට ආර්ථිකයට දක්වන විශාල දායකත්වය අගය කරන බවද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.

 

WhatsApp Image 2023 12 08 at 15.48.37

 

මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය,

 

“අද අපි එක්රැස් වන්නේ ඉතා වැදගත් කරුණක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටයි. ඒ මෙරට ධීවර අංශය තුල කටයුතු කරනු ලබන ලක්ෂ පහකට ආසන්න  පිරිසකගේ  සේවා තත්ත්වය වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කරන්නයි.

ඒ අනුව දෙලක්ෂ විසි දහසක පමණ පිරිසක් සෘජුවම ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා. ඒ වගේම තවත් ලක්ෂ තුනක පමණ පිරිසක් වක්‍රව ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා.  එම නිසා ධීවර අංශය අපගේ ශ්‍රම බලකායට සහ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයනවා. ඒ වගේම ධීවර ක්ෂේත්‍රය මෙරට මුළු අපනයනය වලින් සියයට දෙකක දායකත්වයක් සපයනවා.

අපගේ ඉලක්කය වන්නේ  ධීවරයින්ට වෘත්තීය ගරුත්වයක් ලබා දීමයි. ඔවුන් තමන්ගේ සේවා තත්ත්වය, සාධාරණ වැටුප් සහ ආරක්ෂාව පිළිබඳ අභියෝගවලට මුහුණ දෙනවා.  ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ධීවර කටයුතු සම්බන්ධයෙන් වූ සී 188 ප්‍රඥප්තිය අනුමත කිරීම මගින් ධීවර අංශයේ රැකියා කරනු ලබන සියලුදෙනාගේ මූලික මානව හිමිකම් ආරක්ෂා කිරීමටත් ඔවුන්ගේ ගැටලු නිරාකරණය කිරීමටත් අපි කටයුතු කරනවා. මේක ඇත්තටම නීතිම අවශ්‍යතාවයකට එහා ගිය සදාචාරාත්මක යුතුකමක්.

 

WhatsApp Image 2023 12 08 at 15.48.39

මේවනවිට අපගේ අමාත්‍යංශය සමාජ ආරක්ෂණය සහ කම්කරු ප්‍රමිතීන් ඉහළ නැංවීම අදාලව  ප්‍රතිසංස්කරණ  කරමින් සිටිනවා. ඊට නීතිමය වෙනස්කම්, රැකියාවේ ගෞරවය ප්‍රවර්ධනය කිරීම, සමාජ ආරක්ෂණය වැඩිදියුණු කිරීම සහ ශ්‍රම වෙළඳපොළ තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීමත් ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම අපේ අරමුණ වෙලා තියෙන්නේ ධීවරයින් සහ ගොවීන් වැනි අවිධිමත් අංශයේ රැකියා වල නිතවන පිරිස සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීමයි.

 

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සී 188 ප්‍රඥපත්තිය අපරමානුගත කිරීමට කටයුතු කිරීම මගින්  අභියෝගාත්මක පරිසර තත්වයන් යටතේ බොහෝ විට සිය රැකියාව කරන අපගේ ධීවරයින්ගේ යහපැවැත්ම සඳහා අපගේ කැපවීම පෙන්නුම් කරනවා. මෙම සම්මුතිය ධීවර අංශයේ රැකියාව කරනු ලබන සියලුදෙනාගේ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය යහපත් වැඩ පරිසරයක් මෙන්ම, සෞඛ්‍ය, ආරක්ෂාව සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය තහවුරු කරන ප්‍රමිතීන් ස්ථාපිත කරන්න සමත්වෙනවා.

 

WhatsApp Image 2023 12 08 at 15.48.39 1

 

ඒ වගේම සී188 අපරමානුගත  කිරීම මගින් ජී.එස්.පී ප්ලස්  යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවේ වෙළඳාමට, විශේෂයෙන් යුරෝපා සංගමයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමටත් අවස්ථාව උදාවෙනවා. ඒ වගේම සේවා කොන්දේසි සඳහා ප්‍රමුඛතාවයක් ලබා දෙන නව වෙලඳපොලවල් සඳහා දොරටු විවර කර ගැනීමට මෙමගින් අපිට අවස්ථාව උදාවෙනවා".

 

@මාධ්‍ය ඒකකය

නවතම ලිපි