SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සංස්කෘතික අමාත්‍යාංශයේ 2024 වැය ශීර්ෂය විවාදයට ගැනීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට එරෙහිව ඔහු සංස්කෘතික ඇමතිවරයාව සිටියදී

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා කළේ යැයි ආණ්ඩු පක්ෂයෙන් චෝදනාවක් එල්ල විය. එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේ එකී චෝදනාව ඔප්පු කරනු ලැබූවොත් ඔහු ඉල්ලා අස්වන බවය.

 

එහිදී වර්තමාන සංස්කෘතික ඇමති විදුර වික්‍රමනායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ අදාළ මුදල් වියදම් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා නියමිත පරිදි අනුමැතිය ලබාගෙන නැති බව වන අතර එය කැබිනට් අනුමැතියක් යටතේ මණ්ඩලයේ ආවරණ අනුමැතියකට යටත්ව ඉටු කර ඇති බවය.

 

කෙසේ වුවත් ඊයේ මේ පිළිබඳව අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී එස්.එම්.මරික්කාර් කියා සිටියේ යහපාලන ආණ්ඩුවේ අවසන් කාලය තුළ පක්ෂය කඩාගෙන ඉවත්වීම නිසා එම ආවරණ අනුමැතියට යටත්ව සිදුකළ කාර්යයන් වෙනුවෙන් අනුමැතිය ලබාදීම එවක අගමැති රනිල් වික්‍රමසිංහ විසින් සිදු නොළ බවය.

එසේ නැතිව ජාතික  විගණන වාර්තාවක මෙය මුදල් අවභාවිතාවක් ලෙස සඳහන් කර නොමැති බවත්   

මේ බොරු බෞද්ධයින් පන්සල්වල ප්‍රතිසංස්කරණ වැකටයුතු වලට දුන් මුදල් පිළිබඳව කතාකරන බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 

සම්පූර්ණ අදහස් දැක්වීම පහතින්...

 

ආගම විකුණගෙන කන්න එපා…

නවතම ලිපි