SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • පාර්ලිමේන්තුව වාරාවසාන කරල විසුරුවාහරීවි..
  • මුලින් එන්නෙ මහා මැතිවරණය!
  • රාජ්‍ය ආයතනවල සිද්ධවෙන වංචා දූෂන වහගන්න තැතක්..
  • ඊළඟට එන්නෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී  ප්‍රේමදාස ආණ්ඩුවක්..
  • හොර නඩයව හිරේ යැවීම වික්‍රමසිංහ ආණ්ඩුවෙන් කෙරෙන්නෙ නෑ.. ප්‍රේමදාස ආණ්ඩුවෙන් එය කරනවා..
  • මේක අය නැති වැය විතරක් පෙන්වන අයවැයක්..
  • සාගලට කොළඹ ජන්දෙ ඉල්ලන්න ඔප්පු දෙනවා කියල බොරුවක් ගැහුවා..
  • ජනාධිපති සති අන්තේ යන්නෙ ට්‍රිප්..බොරුවට මීටිමක් දාගන්නවා..
  • ජනවාරි මාසෙ ආයෙ වැට් එක වැඩිකරනවලු..

 

කෝප් කමිටුවේ සභාපතිවරයා ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙනාපු වෙලාවේ කෝප් කමිටුවේ සභාපති රංජිත් බණ්ඩාර පෙන්වූ  හස්ත්‍ර මුද්‍රාව මුලින්ම දැක්කේ තමා බවත්, ඒ සම්බන්ධයෙන් මතුවුනු  ගැටුම්කාරී  තත්ත්වයක් මත වගේම කෝප්කමිටුවේ සාමාජිකයන්ට එල්ලවුන විරෝධතා නිසා කතානායවරයා විසින්  කෝප්කමිටුව තාවකාලිකව නවතා, තහනම් කරලා තිබෙන බවත් ඊයේ (06) මාධ්‍ය හමුවක් අමතමින් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 

 

එමෙන්ම කෝප් සභාපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් නොගෙන මෙසේ නවතා තිබීම මේ දිනවල අයවැය විවාදය යන නිසා රාජ්‍ය ආයතනවල වංචා දූෂණ වහන්න කරන දෙයක් බවත්, ආණ්ඩුවේ මෙම  බොරුව ජනතාවට නොතේරෙන බවත් මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 

“මොකද වෙලා තියෙන්නෙ? මේ දිනවල අයවැය තුන්වනවර කියවීම විවාදය පාර්ලිමේන්තුවේ තියන නිසා රාජ්‍ය ආයතන ගණනාවක් ගෙන්නන්න තිබ්බා. එතකොට අයවැය ඉවර වෙනකම් ගෙන්නන්නෙ නෑ. එතකොට රාජ්‍ය ආයතන ගණනාවක්ම එන්නෙ නෑ. එතකොට වෙන්නෙ මොකක්ද? එලිකරන්න නියමිතව තිබ්බ දූෂණ වංචා චෝදනා ඔක්කොම යට ගහන එක. මේක කල් දාන එක...

 

අද විජේවර්ධන පවුලේ පත්තරේ වුන ඩේලි මිලර් පුවත්පතේ තියනවා අයවැය විවාදය ඉවර වුණාට පස්සේ ආයෙ ලබන ජනවාරි මාසෙ තමයි පාර්ලිමේන්තුව කැඳවන්නේ කියලා.

 

 

පාර්ලිමේන්තුව කැඳවන එක කෙසේ වෙතත් පාර්ලිමේන්තු වාර අවසාන කරලා කල්තැබීමට සූදානමක් තියෙනවා කියලා පැහැදිලියි. ඒකෙන් මොකද වෙන්නේ? කල් තිබ්බාම තව සති දෙකකට කල් තියාවි.. එතකොට  කෝප්කමිටුව, කෝපා කමිටුව, මුදල් කාරක සභාව ඇතුළු  සියලු කාරක සභාවන් අහෝසි වෙනවා. එතකොට අලුතින් පත් කරන්න ඕන. 

කොන්ඳක් නෑනේ මේ රංජිත් බංඩාර මනුස්සයාව අයින් කරන්න..

රංජිත් බණ්ඩාර අයින්කරන්න පාර්ලිමේන්තු වාර අවසාන කරන්න ඕනද? මේක කරන්නේ කෝප් කමිටුවේ සභාපතිව අයින් කරන්න. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව කල්තබන බව පෙන්නලා කරන්නේ රජයේ මරමස්තානවල සිද්ධවෙන, රජයේ ඉහළපෙළේ අනුමැතිය සහිතව සිදුවන හොර මැරකම් ටික වහලා දාන එක.

 

මට සැකයක් තියනවා පාර්ලිමේන්තු වාර අවසන් කරලා එහෙන්මම  විසුරුවා හරියි කියලා. මොකද මේ පාර්ලිමේන්තුවට යන්න බෑ. මම හැමදාම කියනවා UNP එකේ කළමනාකරණ කමිටුවේ ඉන්නෙ පුත්තලම් බූරුවෝ ටිකක් කියලා.

 

මොනවා කතා කෙරුවත් ඉස්සෙල්ලා එන්නේ පාර්ලිමේන්තු මැතිවරණයයි. අපි පැහැදිලිව කියනවා,.. ජනාධිපතිතුමාටයි, රජයටයි, කතානායකතුමාටයි කෝප්කමිටුව කල් තියන්න පුළුවන්, හැබැයි මේ ආයතනවල සිද්ධවන හොරමැර වංචා ටික සදාකාලිකව වහලා දාන්නබෑ. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියනවා මොකද මීට පෙර තිබ්බා UNP එක නැතිනම් ශ්‍රී ලංකා එක , ශ්‍රී ලංකා එක නැතිනම් UNP එක.. මේ  තට්ටුමාරු කරන එක නතර කරලා එක්කෝ වම එක්කෝ දකුණ.

 

දැන් මේ ක්‍රමය මාරුකරලා.. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පිළිගන්න පක්ෂය තමා බලයට එන්නේ.

අපි පැහැදිලිව කියන්න ඕන ඊළඟට එන්නේ ප්‍රේමදාස ආණ්ඩුවක්. ප්‍රේමදාස ආණ්ඩු පතෝල වගේ ඉන්නෙ නෑ. මොකද ආණ්ඩුව තුළින් ජනතාව ඉල්ලන මූලික ප්‍රශ්න  දෙකක් තියෙනවා. පළවෙනි එක මේ තියෙන ආර්ථික ප්‍රශ්නයට විසඳුම් ලබාදෙන එක, දෙවෙනි එක තමා ආර්ථික වශයෙන් මේ රට බංකොලොත් කරපු, රටේ දේපල මංකොල්ලකාපු, රටේ දේපල හොරාකාපු, මේ රට විනාශ කරපු දරුවන්ගේ අනාගතය නැතිකරපු, දැන් අධිකරණය  විසින් මූලික අයිතිවාසිකම් පනත ආශ්‍රයෙන් තීන්දු දීලා තියෙන... මේ හොර නඩය කොහොමහරි ගෙදර යවන එක.

 

ඒක වික්‍රමසිංහ ආණ්ඩුවෙන් වෙන්නෙ නෑ. රනිල් ජනාධිපතිවරය කරන්නෙ උන් එක්ක ගිහින් කේක් කපන එක. ප්‍රේමදාස ආණ්ඩුව තුළින් අනිවාර්යයෙන්ම මේ අපරාධ වලට මඟ කියපු අයව හිරේ දාන වැඩේ කරනවාමයි.

 

මේ අයවැය විජ්ජාවක්.. අය නෑ වැය විතරයි. සාගලට කොළඹ ජන්දෙ ඉල්ලන්න..කොළඹ නගරෙට ඇතුල්වෙන්න  පාර කපන්න ඔප්පු දෙනවා කියලා බොරුවක් ගැහුවා. එක වියදමක්වත් කරන්න බෑ. ගිය අවුරුද්දෙ අයවැය යෝජනා කරලා තිබ්බ යෝජනා 120න් 80 ක්ම කරලා නෑ. අත තියලා නෑ. යෝජනා 30 ක් වත් භාගයක්වත් ඉවර කරලා නෑ. මේ අවුරුද්දෙත් ඊට සමාන ගානක් තියනවා. අයවැය යෝජනා කියන්නේ අනිවාර්යයෙන් එන ගණනක් නෙමෙයි. අපේක්ෂිත ආදායම හා අපේක්ෂිත වියදම. ගිය අවුරුද්දෙත් අපේක්ෂිත ආදායම ආවේ නෑ. බිලියන 2600 යි ආවේ. ඒ නිසා වියදම් කරන්න බෑ. ඒ නිසා අපේක්ෂිත ආදායම මේ පාරත් එන්නෙ නෑ.

 

 

වැඩි කරන්න තියෙන්නෙ බදු විතරයි. මේගොල්ලන්ට ආදායම එන එක වැඩ පිළිවෙළක්වත් නෑ. ජනාධිපති සතිඅන්තෙ විවිධ ප්‍රදේශවලට ගිහිල්ල මීටිමක් දානවා..යන්නෙ ඇත්තටම ට්‍රිප් එකක්.. ගිහිල්ල මීටිමක් දානවා..දැන් බලන්න ඒ ගිහින් දෙන පොරොන්දු ඉටුකරන්න රුපියලක්වත් යොදවලද කියලා විශ්ලේෂණය කරල බලන්න. රුපියලක්වත් වෙන්කරල නෑ. වගකීම් සහිත මාධ්‍යවේදීන් විදිහට ඔබලා මෙය සොයා බලන්න.

 

 

ඉතින් කරන්නේ කොහොමද? ආදායමක් නැතුව. මේ අල්ලපල්ලේ ඉරිදාට පාර්ලිමේන්තුව දාගෙන වැට් එක වැඩි කරන්න යන්නේ. 18% කින් නග්ගන්න යන්නේ. මේකෙන් වෙන්නේ හැම දේකම මිල ඉහළ යනවා. ඒකෙන් වලපල්ලට වැටිලා ඉන්න ජනතාවගේ පස් දාල වහන්න විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ.

 

අපිට ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්න වෙනවා. මම කංචන ඇමතිගෙන් ඇහුවා.. ආරංචියක් තියෙනවා  ජනවාරි පළමුවෙනිදා ඉඳල තෙල් වලට වැට් එක විදුලි බිලට එකතු කරනවා කියලා... ඒක ඇත්තද කියල. ඔව්ලු, වැට් එක 18%ක් දාල..  හැබැයි වෙන ඒවයින් අඩුකරනවලු. මේ විජ්ජාවන්ගෙ කරන්නෙ..

 

ජනවාරි මාසයේ දෙපාරක් බඩුමිල වැඩි වෙනවලු. ඊළඟට අපිට අහන්න තියනවා ලංකාවේ විදුලි නිශ්පාදනයෙහි සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්ධන වලින් සිදු වන්නේ, එතකොට විදුලි පිරිවැය වැඩි නිසා තමයි කියනවා ගාණ වැඩි කරේ. විදුලිබල මණ්ඩලයෙ තියෙන හොරකම අඩුකරන්න උත්සහ කලේ නෑ.

 

ඇඹිලිපිටියේ තියනවා පුද්ගලික අංශයේ බලාගාරයක්. සාමාන්‍යයෙන් විදුලිය මිළදී ගැනීමේදී පළවෙනි ඇග්‍රිමන්ට් එක ගහන්නේ ප්‍රාග්ධනය රිකවර් වෙන විදියට.. දෙවෙනි ඇග්‍රිමන්ට් එක ගහන්නෙ කැපිටාල් එක රිකවර් වෙලා තියෙන නිසා ඔපරේෂන් එක්ස්පෙන්සස් සහ ‌ලාභය එකතු කරල. දැන් අර ඇඹිලිපිටියෙ අර බලාගාරයෙ හතරවෙනි වතාවටත් අර ඇග්‍රිමන්ට් එක දික්කරල යුනිට් එකට එකසිය ගණන් ගෙවනවා. මහදවල් හොරකම් මේවා. එතකොට අහන්න කැමති ඉන්දන මිළ වැඩි උනොත් පිරිවැය වැඩි කියලා නැවත විදුලි බිල ඉහළ දානවාද?

 

 

අපි කියන්න කැමති සමගි බල පෙරමුණ විදිහට මේවට විරුද්ධයි. අපට නව ආදායම් මාර්ග අවශ්‍යයි. එහෙම කරන්න තියෙන්නෙ ක්‍රම දෙකයි.

ආයෝජකයන් දිරිගන්වලා මෙහේ ව්‍යාපාර අවස්ථා සලසා දීම. ඔවුන්ට උද්ඝෝෂණය වැඩවර්ජන නැතුව නිදහසේ  ව්‍යාපාර කර්මාන්තය කරගෙන යාමට ඉඩදීම.

අනික් එක අපනයනය අවස්ථා පුළුල් කිරීම.

 

 

එදා ප්‍රේමදාස මහතා කර්මාන්ත දානකොට කොට කිව්වා සුද්දන්ට ජංගි මහන්න මේ ආයතන දාන්නේ කියලා, අද ඩොලර් බිලියන 13 විතර එන්නේ සුද්දන්ට ජංගි මහන ආයතනවල අපනයන ලාභය. ඒ බිලියන 13 නැත්තම් වලපල්ලට ගිහින්. විජ්ජාසිංහ ඇවිත් අවුරුදු එකහමාරක් ලෝකේ වටේ ඇවිද්දා. හම්බවෙච්ච මගුලකුත් නැහැ. පටන්ගත්ත අළුත්  දෙයකුත් නෑ.

 

 

අපි කියන්න කැමති පීඩනයෙන් මිරිකී ඉන්න ජනතාව සමඟ අපි පාරට බහිනවා. ජනවාරි මාසෙ අපි  එනවා ජනාධිපති මන්දිරය ඉස්සරහට. ජනාධිපති තුමා දන්නවා අපි පාරට බැස්සොත් මොනාද කරන්නෙ කියල. ඒ නිසා මේ බයියෝ එක්ක ඕන මඟුලක් කරන්න, ජනතාවගේ රීරි මාංශ උරාබොන එක නතර කරන්න. අසරණ මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. එහෙම කරනවනම් ජනවාරි මාසයේ අපි පාරට බැහැල එලවලම තමයි, අපි නවතින්නේ.

 

සම්පූර්ණ අදහස් දැක්වීම පහතින්..

නවතම ලිපි