SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් ක්‍රීඩාංගණ කාර්යමණ්ඩල වෙත

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී පොරොන්දු වූ ත්‍යාග මුදල් බෙදාදීම සිදුකළ බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී ඇත.

 

එම නිවේදනයේ දැක්වෙන්නේ මෙමගින් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කාර්යමණ්ඩලයට සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ කාර්යමණ්ඩලයට මෙම ත්‍යාග මුදල් හිමිවන බවය.

 

මෙමගින් කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ භූමි කාර්යමණ්ඩලයේ 138කට මුදල් ලබාදී ඇති අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ භූමි කාර්යමණ්ඩලයේ 115කට එළැඹෙන සිකුරාදා ත්‍යාග මුදල් ලබාදීමට නියමිතය.

 

SLC money 1

 

මේ සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ඩොලර් 25,000ක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 25,000ක දායකත්වයක් ලබාදී තිබේ.

 

ඒ අනුව බෙදාදීමට නියමිත මුළු මුදල රුපියල් මිලියන 16කට ආසන්න බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මෙම ත්‍යාග මුදල හිමිවන්නේ  ස්ථීර සහ කොන්ත්‍රාත් පදනම මත සේවයේ නිරත වූ ක්‍රීඩාංගණ සේවකයින්ටය.

නවතම ලිපි