SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඩුබායි හි පැවැත්වෙන ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලිය සඳහා දිවයිනෙන් පිටව ගොස් ඇත.

ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් යුතු මෙම පිරිස අද (06) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

 

19 පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන විසිනි. 

 

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහනමක් පනවා ඇති පසුබිමක, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් සහභාගී වන ප්‍රථම ජාත්‍යන්තර තරගාවලිය මෙය වේ.

 

මෙම තරඟාවලිය ලබන 08 වනදා ආරම්භ වීමට නියමිත අතර  ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය එළැඹෙන 09 වන දා  ජපාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතය.

නවතම ලිපි