SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගියදා හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් අධිකරණයට සහ අභියානාධිකරණ විනිසුවරුන් නම් කරමින් ඔවුන් වෙත චෝදනා ගෙනඑමින් අධිකරණයට බරපතල ලෙස අපහාස කළ බැව්

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා විසින් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර කළේය.

 

එම අවස්ථාවේදී අධිකරණ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් හිටපු රොෂාන් රණසිංහට විරුද්ධ වූයේවත් අධිකරණයේ ස්වාධීනත්ව වෙනුවෙන් හඩ නැගුවේ නැති බවත් බදියුදීන් මන්ත්‍රීවරයා විජේදාස අමාත්‍යවරයා වෙත චෝදනා  කළේය.

 

 

“මීට දින කිහිපයකට කලින් ගරු රොෂාන් රණසිංහ මැතිතුමා මේ පාර්ලිමේන්තුවේදී අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු සම්බන්ධයෙන් විවේචනය කළා..

දැන් මේ කතාකරන විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමා ඒ අවස්ථාවේදී ඊට විරුද්ධව කතාකළේ නැහැ..

ඒ සමහරවිට එතුමාගේ පුතාව රොෂාන් රණසිංහ මැතිතුමා විසින් ක්‍රිකට් අතුරු කමිටුවට පත්කරල තිබුන හින්ඳ වෙන්නැති..”

 

 

එහිදී බදියුදීන් මන්ත්‍රීවරයා පැවසුවේ තම පුතාව ක්‍රිකට් ආයතනයට පත්කර ගැනීමට තිබූ අවශ්‍යතාව මත අධිකරණ අමාත්‍යවරයා හිටපු ක්‍රීඩා ඇමතිවරයාගේ ක්‍රිකාකලාපයට විරුද්ධ නොවූ බවය.

 

නවතම ලිපි