SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනවාරි මාසයේ මැද පමණ වනවිට පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදහස් කර ඇති බව  ඩේලි මිරර් වාර්තා කරයි.

පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුව පවතින කාරක සභාවන් අහෝසි වන අතර ජනාධිපතිවරයා විසින් සැසිවාරය නැවත කැඳවූ පසු ඒවා යළි පිහිටු විය යුතුය.

 

ජනාධිපතිට මාස දෙකක කාලයක් උපරිම වශයෙන් පාර්ලිමේන්තුව කල් තැබිය හැකි අතර  පාර්ලිමේන්තුව කල් තැබූ පසු කෝප් හා කෝපා කාරක සභාවත් අක්‍රීය වේ. නව සැසිවාරයේ දී ඒ සඳහා සභාපතිවරුන් සහ සාමාජිකයන් අළුතින් පත් කළ යුතු වේ.

 

චෝදනාවන්ට ලක්ව සිටින බැසිල් හිතවාදියෙකු වන  මහාචාර්ය රංජිත් බණ්ඩාර වෙනුවට නව කෝප් කමිටු සභාපතිවරයකු පත් කිරීමද මෙහි එක් අරමුණකවනු ඇති  බව පුවත් වාර්තාව කියා සිටියි.

නවතම ලිපි