SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සරසවි ශිෂ්‍ය ප්‍රජාව ගැන රජය ක්‍රියාත්මක වන්නේ අඩන්න ඉන්න මිනිහගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්න ගානටය.

කුමන හෝ ගැටුමක් ඇති වුවද පාලකයන් එය දඩමීමා කරගනිමින් සරසවි සිසුවා පාලනය කරයි.. නිගරු කරයි..ඔහුට එරෙහි ප්‍රචණ්ඩත්වය මුදා හරියි..

 

මෙයට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ සරසවි සිසුන්ව පිටත ඇති දේශපාලන පක්ෂ හා සංවිධාන විසින් පාලනය කොට ග්‍රහණය කරගැනීම නිසාය. එනයින් පාලකයින් සියළු ප්‍රචණ්ඩත්වයන් සහ නිගරු කිරීම් සරසවි සිසුවා මත පනවනු ලබන්නේය.

 

එපමණක් නොව අද දවසේ සරසවි සිසුවා අතිශය කළබලකාරී නොසන්සුන් දරුවන් බවට පත්ව ඇත. වර්තමාන අධ්‍යාපනය නැමැති මිත්‍යාවට දෙමාපියන්ගේ ඇති ගිඩුකම විසින් එකී දරුවාගේ ස්වයං වර්ධනය සිඳ දමා ඇත. දරුවා තරඟයට යොමු කරන්නේ  කරන්නේ  කිරිබොන වයසේදීමය. එතැන් පටන් නොසන්සුන් වේගවත් නොඉවසන දරුවෙක් තනන්නට දෙමාපියන් වෙහෙසෙති.

 

එවන් දරුවන් කඩ ඉම් ජයගත්තා යැයි කියමින් සරසවිවලට පැමිණෙති.

 

පාලකයින්ට මේ දරුවන්ගේ නොසන්සුන් බව පාරාවලල්ලක් කරගැනීමට අවස්ථාවක් උදාකර ඇත්තේ අප ඉහත දී සඳහන් කළ දේශපාලන පක්ෂ හා කණ්ඩායම්ය.

 

කැළණිය සරසවියේ සිදුවීම..

 

කැළණිය විශ්විද්‍යාලයේ ආරක්ෂක නිළධාරියෙකු හා සිසුන් අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වයට හේතුව එම විශ්ව විද්‍යාලයේ විශේෂ අවශ්‍යතා සහිත සිසුවකුගේ මවකට අදාල නිලධාරියා විසින් ලිංගික බලහත්කාරකමක් කිරීම බව සිසුන් කියා සිටිති.

 

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ මුදාහරිමින් ඔවුන් කියා සිටින්නේ මේ සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්ෂණ සිදු නොකරන බවත් එම පරීක්ෂණ යට ගැසීමට සරසවියේ පාලන අධිකාරිය කටයුතු කරමින් සිටින බවත්ය.

 

සිදුවීම පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වනවා වෙනුවට සිදුවීම යටගැසීමටත් සරසවිය වසා දැමීමටත් විරෝධය පළ කරන බව ද ඔවුහු කියා සිටිති.

 

දැන් මෙම සිදුවීම සත්‍යයක් නම් සැබැවින්ම කිසිදු දරුවෙක් තම මවට ලිංගික බලහත්කාරකමක් කළ අයෙකුට සමාවක් නොදෙනු ඇති බව අපගේ මතයය. එහෙත් ඊට අදාල ක්‍රමවේදයක් වේ නම් තමා ඇතුලත්ව ඇත්තේ එකී ක්‍රමවේදයන් අනුගමනය කරන ආයතන පද්ධතියකට නම් ඊට අනුකූල විය යුතුය.

 

වර්තමානයේ සමාජ මාධ්‍ය සුලභව ක්‍රියාත්මක වන වටපිටාවක ඒ හරහා මෙවැනි ම්ලේච්ඡ ක්‍රියාවන්ට නිසි බලපෑමක් ඇතිකිරීමට මූලිකව කටයුතු කළ හැකිව තිබුණි. නොඉවසිලිමත් හා නොසන්සුන් සරසවි සිසුවා යැයි ඉහත සඳහන් කළේ ඒ නිසාය.

 

සමාජ මතයක් වර්ධනය කිරීමට මේ වනවිට විශාල කාලයක් වැය වන්නේ නැත.

 

ජාතික තලයේ මාධ්‍ය රාජ්‍යයට ගැලපෙන පරිදි තම මුසාවාදයන් උත්කර්ෂයට නංවද්දී සරසවි සිසුවාට ඊට එහා ගිය උපක්‍රමයන් තිබිය යුතුය. එහෙත් ඔවුන් ඒවායින් මොට කර ඇත්තේ තරඟකාරී අධ්‍යාපන රටාව මෙන්ම කල්ලිවාදී දේශපාලන කෙරුවාවල් විසිනි.

 

කෙසේ වුවද අදාල සිදුවීම පිළිබඳව කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

 

university

නවතම ලිපි