SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද පාර්ලිමේන්තුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ  ශීර්ෂය  විවාදයට ගත් අතර

පසුගිය කාලය පුරා විශේෂ අවදානයක් යොමු වූ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අදත් විශාල වශයෙන් කතාබහට ලක්විය.

 

ආබාධ සහිත පුද්ගලයන්ට රැකී රක්ෂා දීමේ ප්‍රමුඛතාවයේදී අළුත් රැකී රක්ෂා පනතට, ලංකාවේ රාජ්‍ය සේවයේ පමණක් නොව පුද්ගලික අංශයේ රැකියා ලබාදීමේදීත් ආබාධ සහිත පුද්ගලයන්ට වෙනස්කමකින් තොරව සැලකීම සඳහා පනත හරහා ඉඩකඩ ලබාදී ඇති බව අද ක්‍රීඩා අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ගේ අදහස් දැක්වීමකට පිළිතුරු දෙමින් අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවේය.

 

තවද විදුලි කාර්මිකයාගේ සිට හැම සේවයකම ගරුත්වය ඇතිකරන ආකාරයේ වැඩපිළිවෙලක් සකස්කර ඇති බවත්, එම කාර්යයන් සඳහා බලපත්‍රයක් ලබාගැනීමට හැකිවන සේ  NVQ මට්ටමේ සිට ඩිප්ලෝමාවක් දක්වා යෑමට එය සකස්කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි..

 

අනතුරුව ක්‍රීඩා අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළීබඳව අදහස් දැක්වීම ආරම්භ කළ මනූෂ නානායක්කාර අමාත්‍යවරයා පවසන්නේ විපක්ෂ නායක තුමා ක්‍රිකට් සම්බන්ධයෙන් පමණක් පසුගිය දිනවල පැය 270ක් කතා කර ඇති බවය.

 

සම්පූර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන් නරඹන්න..

නවතම ලිපි