SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු සෙල්ලම් ඇමතිතුමා අද පාර්ලිමේන්තුව සභා ගර්භයට ගියපු ගමන් කතානායකට මැසිවිලි චෝදනාවක් ඉදිරිපත් කරල..

“ක්‍රීඩා අමාත්‍යාංශයේ කාරක සභා අවස්ථා විවාදයේ මට කතාකරන්න ඔින..

ඒකට  කාලය වෙන් කරල නැහැ...

කරුණාකරල කථානායකතුමා මැදිහත්වෙන්න..”

 

හිටපු සෙල්ලම් ඇමතිතුමා  කථානායකවරයාට කියලා..

 

“පහුගිය අඟහරුවාදා ඉඳල මම ඒකට කාලය වෙන්කරගන්න  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම්වරයා සම්බන්ධ කර ගන්න උත්සාහ කළා..

ඒත් එතුමව අල්ලගන්න බැහැ..

මම කතාකරන එක  වැලැක්වීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි..
   
"පාර්ලිමේන්තුවේ කතා කරන්න මට වෙලාවක් දෙන්නේ නැත්තේ ඇයි කියලා මට හිතෙනවා.

ඒ මම ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) හි දූෂණ ගැන කතා කරන නිසා වෙන්න ඇති ,"

 

හිටපු සෙල්ලම් ඇමතිතුමා දිගින් දිගටම චෝදනා කරල..

 

“ඒ ගැන මම  හොයල  බලල  අද කතා කරන්න  කාලය අරන් දෙන්නම්...”

 කථානායක කියල.

 

එතකොටම ඔන්න මේ දවස්වල හිටපු සෙල්ලම් ඇමතිගේ අඹ යාළුවෙක් වෙච්ච විපක්ෂ නායකවරයා නැගිටලා ..

“රණසිංහ මන්ත්‍රීවරයාට කතා කරන්න  රජය කාලය දෙන්නෙ නැත්නම් අපි  සූදානම්  විපක්ෂයේ කාලය වෙන් කරන්න එතුමා වෙනුවෙන්...”

විපක්ෂ නායක සජිත් කියල.

 

ඔන්න එතකොටම අළුත් සෙල්ලම් ඇමති තුමා හරීන් ඒ කතාව මැද්දට පැනලාලු..

 

“රොෂාන් මන්ත්‍රීතුමාට මට වෙන්කරල තියෙන විනාඩි දහයෙන් විනාඩි දහයක් දෙන්නම්.. කතා කරන්න .. ”

හරීන් ඇමතිතුමා කියලලු..

 

හිටපු සෙල්ලම් ඇමතිතුමත් වැඩේ අතාරින්නෙම නෑ වගේ..

 

නවතම ලිපි