SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ඩුබායි හි පැවැත්වෙන COP 28 ට සහභාගී වී ඇත.

මහේල  සෙනසුරාදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි COP28 හි දේශගුණික යුක්ති සංසදය (CJF) දියත් කිරීමේ උත්සවයේදී අසුන් ගෙන ඇත. මෙම උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

 

කෙසේ වුවද මහේල විසින් ඔහු ශ්‍රී ලංකා රජයේ නියෝජිත කණ්ඩායමේ කොටසක් බවට කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

 

ජනාධිපති කාර්යාලයෙන් මේ පිළිබඳව මාධ්‍ය කළ විමසීමකදී එහි නිලධාරියෙකු පවසා ඇත්තේ  මහේල  ‍ජනාධිපතිවරයාගේ දූත පිරිසේ කොටසක් වූ නමුත් ඔහුට වෙනම අරමුදල් ලැබුණු බවය.

එහෙත් මහේල  පැහැදිලි කරන්නේ තමන් ජනාධිපතිවරයාගේ දූත පිරිසේ කොටසක් නොවන බවයි.

 

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුණේ  තමා COP 28 හි ශ්‍රී ලංකා නියෝජිත පිරිස විසින් පවත්වන ලද උත්සවයකට සහභාගී වූ නමුත් තමා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ කොටසක් නොවූ බවයි.

එමෙන්ම ඔහු කියා ඇත්තේ  තමා තිරසාරභාවය පිළිබඳ එක්සත් ජාතීන්ගේ තානාපතිවරයෙකු බවයි.

“I support the Justice Forum which the Sri Lanka Government is lobbying and will submit the resolution for the vote,”

 

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්, උගන්ඩාවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය Aceng Jane Ruth සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) විධායක අධ්‍යක්ෂ Inger Anderson යන නියෝජිතයින්ද  මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පික රණවක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අජිත් මාන්නප්පෙරුම, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති පරිසර උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති පරිසර උපදේශක ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රි, භාණ්ඩාගාරයේ උපදේශක දේශාල් ද මෙල්, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මෙම අවස්ථාවට සහභාගි වූහ.

නවතම ලිපි