SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔන්න පුරුදු පරිදි පාර්ලිමේන්තු ලොබියේ තවත් රස කතාවක් දිගෑරිලා..

අපේ හිටපු සෙල්ලම් ඇමතිතුමාට පාර්ලිමේන්තු ලොබියෙදි නිමල් ලන්සා පොහොට්ටු  මන්ත්‍රී තුමා හමුවෙලා. ලන්සා කතාවක් බහක් නැතිව යන්න හදල.

 

“ඇයි අයියා අපිව මගාරින්නේ?

ඇයි අපි එක්ක කතා නොකරන්නේ..?”

 

 

“ඔයා එක්ක බැහැනෙ මල්ලි. ඔයා කියන දෙයක් අහන්නෙ නැහැනෙ..

ඔයා අපේ ආණ්ඩුවටත් ගහනවා, ජනාධිපතිතුමාටත් ගහනවා..

මෙහෙම කරන්න බැහැනේ..” නිමල් ලන්සා මංත්‍රීතුමා කියල.

 

 

ඔන්න එතකොටම එතනින් ගම්පහ ප්‍රසන්න රණතුංග ඇමතිතුමා යන්න ගිහින්. එයත් සද්ද නැතිව අහක බලාගෙනම ගිහින්.

 

සෙල්ලම් රොෂාන් මන්ත්‍රීතුමා ප්‍රසන්න ඇමතිවරයාගේ කාර්යාලයටම ගිහින්.

 

“මම අර්ජුන අයිය වෙනුවෙන් තමයි මේ ඔක්කොම දේවල් කළේ අයියෙ.

ඇයි දැන් මාත් එක්ක කතානොකරන්නෙ? මාව මගාරින්නේ?”

බොහොම හිතේ අමාරුවෙන් හිටපු සෙල්ලම් ඇමතිතුමා ප්‍රසන්නට කියලා.

 

“ අර්ජුනගෙ දේශපාලනයයි මගේ දේශපාලනයයි දෙකක්.

ඔයා කාගෙ ලණු කාල හරි විපක්ෂ නායකවරයා එක්ක එකතු වෙලා අපේ රජයටයි, අපි පත්කරගනිපු  ජනාධිපතිතුමාටයි ගැහුවා..

ඔයා හැදුවෙ විපක්ෂ නායක එක්ක එකතුවෙලා අපේ රජය පෙරලන්න නේ.

දැන් මට ඔයා එක්ක කිසිම කතාවක් අවශ්‍ය නැහැ.”

 

හිටපු සෙල්ලම් ඇමති තුමා ඔළුවත් නමාගෙන බොහෝම හිතේ අමාරුවෙන් එතනින් යන්න ගියාලු.

රාජ යෝගයක් ගැන කතාව හින්ඳ දැන් වීපක්ෂ නායකවරයත් දැන් දැන් මේ වීරයාව මගාරිනවලු.

මුලදි පක්ෂෙ ලොකු තනතුරකුත් දීල එයාව ඇතුලට ගන්න හැදුවට මොකද දැන්නම් වගේ වගක් නැතිලු..

මදෑ ලොකු පුටුව ගැන හීන මවන වීරයින්ට යන කලක්...

 

#Gossip

නවතම ලිපි