SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොලිස් දෙපාර්තමේන්තුවේ දැනට පවතින ධූරාවලියේ ඉහළින්ම ස්ථාපිත කර ඇති පොලිස්පති ධුරට අමතරව

ඊටත් ඉහළින් තවත් ධුරයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

 

ඒ අනුව පොලිස් කොමසාරිස් ජනරාල් ධුරයක් ස්ථාපිත කිරීමට සැලසුම් කරමින් සිටින බවත් එම ධුරය සඳහා පළමුව හිටපු පොලිස් පති සී.ඩී වික්‍රමරත්න පත් කිරීමට සැලසුම් කරමින් සිටින බවත් ලංකා ටෘත් වෙබ් අඩවිය කියා ඇත.

 

ජනාධිපති විසින් ස්ථාපිත කරනු ලබන ප්‍රධාන පෙළේ සිවිල් තනතුරක් වන පොලිස් කොමසාරිස් ජනරාල්ට සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය අධීක්ෂණය කිරීමේ වගකීම පැවරෙනු ඇතැයි ද එහි සඳහන් ය.

 

මෙම තනතුරට අමතරව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයට හිටපු පොලිස්පතිවරයා පත් කරන ලෙසටද ජනාධිපති කාර්යාලයට තවත් යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවත්, එසේ වුවද ජනාධිපති කාර්යාලය වැඩි ප්‍රමුඛතාවයක් ලබාදෙන්නේ අලුතින් ස්ථාපිත කරන පොලිස් කොමසාරිස් ජනරාල් ධුරය සී.ඩී වික්‍රමරත්නට පැවරීමට බවද ලංකාටෘත් පුවතේ වැඩිදුරටත් පැවසේ.

 

කෙසේ වුවද දීර්ඝ ව්‍යායාමයකින් පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝනව වැඩබලන පොලිස්පතිවරයා ලෙස මාස 03 කාලයකට පත්කරගැනීමට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ට හැකියාවක් ලැබුනද, ජනාධිපති කාර්යාලයේ බලවතුන් විසින් පොලිස්පති තනතුරට ඉහළින් තනතුරක් නිර්මාණය කරන්නේ  පොලිස්පති පාලනය කිරීමට හා ඔහුගේ තටු කපා දැමීමකටද යන්න ගැන දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක් ව ඇත.

නවතම ලිපි