SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව තුළ මාර්ග සහ ගෘහස්ථ අනතුරු ප්‍රධාන සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්ව ඇති බැවින්

රෝහල්වලට ඇතුළත් වන මුළු ලක්ෂ 60 න් මිලියනයක් හදිසි අනතුරු හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ ඊයේ (30) පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

“ශ්‍රී ලංකාව තුළ දිනකට රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 30ක් පමණ ද මාර්ග හා ගෘහස්ථ අනතුරු හේතුවෙන් වාර්ෂිකව 12,000ක් ද මිය යනවා,”

අමාත්‍යවරයා අනාවරණය කළේය.

 

“බෝ නොවන රෝග අනාගතයේදී රට මුහුණ දීමට නියමිත තවත් ප්‍රධාන සෞඛ්‍ය අභියෝගයක්,”

ඔහු වැඩිදුරටත් පැවසීය.

 

වයස අවුරුදු 35 ට වැඩි අයගෙන් සියයට 30 ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන අතර එම වයස් කාණ්ඩයේ සියයට 15 ක් දියවැඩියාවෙන් පෙළෙන බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය.

 

ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් සියයට 10ක් තරබාරුකමෙන් පෙළෙන අතරේ ළමුන් අතර දියවැඩියා රෝගයද ඉහළ යමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

 

“මේ ප්‍රශ්න ගැන කවුරුත් කතා කරන්නේ නැති තරම්. නමුත් මේවා ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන සෞඛ්‍ය අභියෝග,”

අමාත්‍යවරයා අවධාරණය කළේය.

 

 

 

නවතම ලිපි