SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර එයින්

රුපියල් බිලියන 4ක් ලබාදීම සඳහා වන චෙක් පත ඊයේ (29) පස්වරුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් බාරදීම  කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින්  සිදුකර ඇත.

 

 

  • විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මේ වසරේදී මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7 ක්..
  • බිලියන 4 ක චෙක්පත් අමාත්‍ය මනුෂ නානායක්කාරගේ අතින් ජනාධිපතිවරයාට..
  • මනුෂ ගෙන යන වැඩපිළිවෙල ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්වෙයි.

 

WhatsApp Image 2023 11 29 at 17.45.06

 

රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය ඖෂද මිලදී ගැනීමට, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබාදීම සිදුකර ඇතැයි වාර්තාවේ.

අදාල රුපියල් බිලියන 7ක මුදලින් මිට පෙර රුපියල් බිලියන 3 මුදලක් ජනාධිපතිවරයාට ලබාදුන් අතර එම අවස්ථාවේදීම මහරගම අපෙක්ෂා රෝහලට ඖෂද මිලදී ගැනීම සඳහාද  රුපියල් මිලියන 100ක මුදලක් ලබාදීමටද පියවර ගෙන තිබිණි.

 

මෙහිදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය 2023 වර්ෂය තුල ලබාගත් ප්‍රගතිය සම්බන්ධයෙන්ද සමාලෝචනයක්ද  කර ඇත.

 

WhatsApp Image 2023 11 29 at 17.45.07

 

අමාත්‍යංශය විසින් මේවන විට ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන වැඩසටහන් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා ජනාධිපතිවරයාව දැනුවත් එහිදී දැනුවත් කර ඇතැයි වාර්තා වේ. එහිදී ගරු සරු වැඩසටහන මගින් මෙරට අවිධිමත් අංශයේ රැකියාවල නිතරවන පිරිසට ගෞරවයක් ලබාදීමටත්, ඔවුන් සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා එක් කර ගනිමින් ශ්‍රම වෙළෙඳ පොළට අදාල තොරතුරු පද්ධතියට සම්බන්ධ කිරීම, සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාව දැනුවත් කර ඇත.

 

මෙරට තුලට ප්‍රේෂණ ගලා ඒම වර්ධණය කිරීම සඳහා විදේශගත ශ්‍රමිකයින්ට වාහන ආනයන බලපත්‍ර හදුන්වාදීම හා ඒ හා සම්බන්ධ කරුණු, විදේශගත ශ්‍රමිකයන්ගේ සංගම් ඇති කරමින් කරගෙන යන වැඩපිළිවෙල, ස්මාට් ක්ලබ් වැඩසටහන යටතේ සිදුකරන වෘත්තිය මාර්ගෝපදේශන වැඩසටහන් පිළිබඳවද අමාත්‍යවරයා එහිදී  කරුණු පැහැදිලි කර ඇත.

WhatsApp Image 2023 11 29 at 17.45.08

 

මේ අතර ගතවූ මාස 18 ක කාලය තුල විදේශ ප්‍රේෂණ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් ලබා ගැනීමට හැකි වූ බවද පෙන්වා දුන් අමාත්‍යවරයා විදේශ ගත ශ්‍රමිකයින් හට හදුන්වා දුන් විශ්‍රම වැටුප් ක්‍රමයක් හදුන්වාදීම, විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් වෙනුවෙන් වෙනම ද්වාරයක් විවෘත කිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාව දැණුවත් කළේය.

 

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඩිජිටල්කරණයට ගනු ලබන පියවර සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළේය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ, මෙරටට විදේශ විනිම ගලා එන ප්‍රධානතම ප්‍රභවයක් ලෙස සඳහන් කරමින්, අමාත්‍ය මනූෂ නානායක්කාර ගෙන යන වැඩපිළිවෙලට සිය සතුට පළකර ඇත. එසේම ඔහු විසින් නව රැකීරක්ෂා පනත මගින් කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමට ඇමතිවරයා  ගෙන ඇති පියවරද  සිය ඇගයීමට ලක්කර ඇතැයි වාර්තා වේ.

 

මීට පෙර ඉතිහාසය පුරා අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකා  විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහා භාණ්ඩාගාරයට රුපියල් මිලියන 3382ක මුදලක් ලබා දී තිබුනද එක් වර්ෂයක් තුලදී රුපියල් බිලියන 7ක මුදලක් ලබාදුන් පළමු අවස්ථාව මෙය බව අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි.

 

WhatsApp Image 2023 11 29 at 17.45.08 1

නවතම ලිපි