SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පෙත්සමට අදාළව විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට  කල් ලබා දී ඇත.

ඒ පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නීතිඥවරියක විසින් ගොනුකළ එම පෙත්සම අද (30) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

 

එහිදී මෙම පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඒවා දෙසැම්බර් මස 15 වනදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අභියාචනාධිකරණය වගඋත්තරකාර රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාට නියෝග කර ඇත.

 

ඒ අනුව පෙත්සම යළි ජනවාරි මස 03 වනදා කැඳවීමට නියම කර ඇත.

 

ඉකුත් 8 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළ එවක ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයාට අපහාසයක් වන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බව පවසමින් අදාළ නීතීඥවරිය සිය පෙත්සම ගොනුකර තිබුණි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගර්භයේ සිදුකරන කතා වලට නඩු පැවරිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කළ විමසීමකට පිළිතුරු දෙමින් කථානායකවරයා මෙම පිළිතුර ලබාදී ඇත.

‘මන්ත්‍රීවරයෙකු සභාව තුළ කරන ප්‍රකාශ සම්බන්ධයෙන් කිසිවකුට නඩු පැවරිය නොහැකි බව පැහැදිලියි’ යැයි කතානායක වරයා කියයි. කෙසේ වුවද අධිකරණයට අපහාස කිරීමේ නඩුව සම්බන්ධයෙන් තීන්දුවක් දීමට අධිකරණයට ඉඩ දිය යුතු යැයිද ඔහු පවසයි.

 

එය පාර්ලිමේන්තුවේ වරප්‍රසාධයන්ට යටත් ව කළ ප්‍රකාශයක් වුවද එම ප්‍රකාශය පිළිබඳව රොෂාන් රණසිංහ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වෙනත් මාධ්‍ය වැඩසටහන්හිදී ඒ වෙනුවෙන් පෙනී සිට ඇත්නම් ඔහු අර්බූධයකට යා හැකි බවයි ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසයි.

නවතම ලිපි