SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස මීට සුලු මොහොතකට පෙර පත්කර ඇතැයි වාර්තා වේ.

හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න පසුගිය 24 දා විශ්‍රාම ගිය අතර පුරප්පාඩුවට පත්කළ යුත්තේ කවුරුන්ද යන කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් එදින සවස විශේෂ සාකච්ජාවක් කැඳවා තිබිණ.

 

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක එම සාකච්ජාවට එක්ව ඇති අතර එහිදී දේශබන්ධු තෙන්නකෝන් වැඩබලන පොලිපතිවරයා ලෙස පත්කිරීමට එකඟත්වයක් ඇතිකර ගෙන තිබුණා යැයි පැවසේ.

ජනාධිපතිවරයා පසුගිය සඳුදා පැවති කැබිනට් රැස්වීමේදී ද ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණ.

 

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් හෙවත් T. M. W. D. තෙන්නකෝන්, පොලිස් සේවය වෙත එක්වී ඇත්තේ වර්ෂ 1998.02.23 වන දිනයි.

 

ඔහු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස්වීම් ලැබුවේ 2019.11.20 දිනය.

ඔහු පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත්තේ,  2032.03.07 දිනයි.

 

කොළඹ නාලන්දා විදුහලේ ආදි සිසුවකු වන ඔහු මූලික උපාධිය කොළඹ සරසවියෙනුත් පශ්චාත් උපාධිය කැළණිය සරසවියෙනුත් ලබා ඇත.

නවතම ලිපි