SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොලිස්පති ධුරයට පත්වන නිලධාරියාගේ ධුර කාලය උපරිම වශයෙන් අවුරුදු තුනකට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

පොලිස්පති තනතුරට පත්වන නිලධාරියාගේ සේවා කාලය තුළ අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම් ඉහත තීරණය එම නිලධාරියාට අදාළ වේ.

 

 

අමාත්‍ය මණ්ඩලය ගනු ලබන මෙම තීන්දුව අනුව ඉදිරියේදී පොලිස්පති ධුරයට පත්වන ඕනෑම නිලධාරියෙකුගේ සේවා කාලය උපරිම වශයෙන් අවුරුදු 3කට සීමාවනු ඇත.

 

 

මීළඟ පොලිස්පති ධූරය වෙනුවෙන් ඉදිරිපත්ව ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ගේ වයස 60 සම්පූර්ණ වීමට නම් වසර 10කට වැඩි හෝ ආසන්න කාලයක් බලාසිටින්නට සිදුවන නිසා මෙම තීරණයට එළැඹෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

 

ඒ අනුව පත්වන ආණ්ඩුවේ කැමැත්ත පරිදි වන පොලිස්තිවරයෙකු පත්කරගැනීමට මෙමගින් දේශපාලන අධිකාරියට අවස්ථාවක් හිමිවනු ඇති බවත් මේ පිළිබඳ උනන්දු වන්නන් අතර  කතාබහට ලක්ව ඇත.

 

කෙසේ වුවත් මීළඟට පත්කරන පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  නිලන්ත ජයවර්ධන ද දේශබන්දු තෙන්නකෝන් ද  යන්න  පිළිබඳව තවමත් තීරණයක් දී නැත.

 

මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් ඒකමතිකව යෝජනා කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝව  පත්කිරීම සම්බන්ධයෙන් බව පසුගිය කාලය තුළ සෑම මාධ්‍ය වාර්තාවකම සඳහන් වී තිබුණි.

 

මේ වනවිට පොලිස්පති තනතුරේ රාජකාරී ආවරණය සිදුවන්නේ පරිපාලන කටයුතු භාරව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසිනි.

නවතම ලිපි