SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔන්න වන වගාව සඳහා ඉඩමක් ලංකාවේ දුංකොල සමාගමට බාරදීලලු.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ තියෙන අක්කර 87 ක ඉඩමක් ලංකා දුංකොල සමාගමට වන වගා ව්‍යාපෘතියක් සඳහා බදු දීමට අමාත්‍ය මණ්ඩලය හරිත එළියක් දක්වා තියෙනව කියල තමයි මාධ්‍ය වාර්තා තිබුණේ..

 

කොල එළිය නම් දැල්ලුවෙ කව්ද කොහොමද කියල කට්ටියටම තේරෙනව කියලයි තතු දත් අය නම් කියන්නෙ.

 

වසර 30ක දීර්ඝ කාලීන කාලයකටලු බදු දීල තියෙන්නෙත්.

ඉඩම තියෙන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පනාමුර ග්‍රාම නිලධාරී වසමේ මඩුවන්වල නින්දගම වත්තේ ලු.

අමාත්‍ය මණ්ඩල කාර්යාලය නම් කියන්නෙ සමාගම  ඉදිරිපත් කරපු   වාර්තාව හොඳට අගයල තමයි තීරණය දුන්නෙ කියල.

ඔහොම  අධ්‍යයනය කරල දීපු තීරණ නොවැ හැම වෙලාවෙම තිබුණෙ.

 

කට්ටිය නම් කියන්නෙ "බලන්න බැරියැ වන වගා කරන්න පස්සෙ අමාරුවක් හදිසියෙ ඇති උනේ මොකද කියල" ලු.

 

කට්ටියටම නොතේරෙන කාරණය වනයක් කියන්නෙ වගා කරල හයි කොරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒකට පවතින්න දීමයැ කියල නොතේරුම්කම කියලයි තතු දත්තො කියමින් යනවය කියන්නෙ.

 

සමහරු කියනවා ඔය කියන සමාගම චන්ද්‍රිකා නෝනගෙ කාලෙත් ඔය වගේ වැඩ පටන් ගත්තය කියලයි. කරපු වැඩ ගොඩේ හැටියට මේ වෙද්දි ලංකාවම වන වදුලක් වෙන්න ඔිනලු ..

අපි නොදන්න ටිං ටිං කියල තමයි උන්දැලෑ කියන්නෙ.

හොඳ හොඳ සෙල්ලං තව ඉස්සරහටලු.

 

#Gossip

නවතම ලිපි