SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නයෙක් බවත් කුමන හෝ වෙලාවක දෂ්ඨ කරනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා ඇති බවට හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ඊයේ  සඳහන් කරන ලදී.

කොළඹ සුපිරි හෝටලයකදී තම මිත්‍රයෙකු හරහා නාමල් රාජපක්ෂ එම  පණිවිඩය තමාට එවා තිබූ බවද රොෂාන් පැවසීය.

 

නමුත් ඔහුගේ ප්‍රකාශය ඒ මොහොතේ ම ප්‍රතික්ෂේප කරමින් නාමල් රාජපක්ෂ කියා තිබුණේ තමන් ඒ ආකාරයේ ප‍්‍රකාශයක් නොකළ බවත් එය අසත්‍ය ප්‍රකාශයක් බවත් ය.

 

පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කර මඩගැසීම සහ පෞද්ගලික මඩ ගැසීම වහා නැවැත්විය යුතු බවත් ඒ සඳහා අනිවාර්‍යෙන්ම අළුතින් නීති ගෙන ඒම හෝ පවතින නීති සංශෝධනය කලයුතු බවත්  එහිදී නාමල් පැවසීය.

 

‘අපි 225 ම එකතු වෙලා විනය හැසිරීම, කතාව පාලනය කල යුතුයි. පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරලා ළමයි ගැන පවුල් ගැන මඩ ගහනවා. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන කෙනෙකුට මඩ ගහන එක, අධිකරණයට අපහාස කිරීම, අධිකරණ විනිසුරුවරුන් විවේචනය කිරීම,  එක් එක් පුද්ගලයින් ඉලක්ක කර මඩ ගැසීම පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙමින් කරන තක්කඩි ප්‍රකාශ කිරීම් වහාම නතර කල යුතුය.

පාර්ලිමේන්තුව තුල ඕනෑම දෙයක් කියන්න පුළුවන් කියන එක අයින් කරලා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට සංශෝධන හෝ නව නීති ගෙන ආයුතුය’

නාමල් මෙහිදී  ප්‍රකාශ කර ඇත.

@cnews

නවතම ලිපි