SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කැබිනට් රැස්වීමක් අතරතුරදී ධුරයෙන් ඉවත්කළ ප්‍රථම ඇමතිවරයා ලෙද අද (27) රොෂාන් රණසිංහ හිටපු ඇමතිවරයා වාර්තා පොතට එක් උනා.

ඇත්තටම රොෂාන් රණසිංහ කියන්නේ පහුගිය කාලයේ වාර්තා ගණනාවක් පිහිටවපු කෙනෙක්. ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා තුනක් වසරක් ඇතුලතදී  ජාත්‍යන්තර තරඟ තහනන්වලට ලක්කළ පළමු ක්‍රීඩා ඇමති විදිහට වාර්තා පොතට ඔහු එක් උනා..

 

ඊළඟ වාර්තාව තමයි කැබිනට් රැස්වීමකදී තම අස්වීමේ ලිපිය ලැබ ඉවත්ව ගිය ප්‍රථම ඇමති වීම.

 

ඔන්න අද රටේ ලොකු උන්නැහැ කැබිනට් එකට ඇවිත් මුලසුනේ ඉඳගනිද්දි රොෂාන් රණසිංහ කලින්ම ඇවිත් රැස්වීමේ ඉඳගෙන හිටියලු.

 

“මෙන්න රොෂාන් ඔයාගෙ ලියුම. ඔයා ඒකත් අරගෙන නැගිටලා යන්න...”

 

රටේ ලොකු තැන වගේ වගක් නැතිව කියල දැම්මලු..

 

“මාර වැඩේ..රොෂාන් හිතුවෙ ක්‍රීඩා විතරක් අයින් කරාවි කියලනේ.. බැලුවහම ඔක්කොම ඇමති ධූර ගලවලානේ..”

කට්ටිය කසු කුසු ගෑවලු..

 

රොෂාන් උන්නැහේ හිතල තියෙන්නෙත් ක්‍රීඩාව විතරක් ගලවල දාවි කියලලු..

 

හවස අමාත්‍යාංශයට ගියපු රොෂාන් මන්ත්‍රීතුමා කාර්ය මණ්ඩලයට ස්තූති කරාලු..

 

ඊට පස්සෙ හෙමි හෙමින්ම සජිත් ලොක්කගෙ කාර්යාලෙ පැත්තට යන්න හැරුනලු..

 

ඔන්න සජිත් ලොක්කත් එයාගෙ මැජික් වට්ටියෙන් ලියුමක් තෝරල අරගෙන නියෝජ්‍ය නායක කියල තනතුරක් එක්ක එයාව බාරගන්නලු සැරසිල ඉන්නව කියන්නෙ..

 

දැන් කව්ද ඉතිං ක්‍රීඩා ඇමති වෙන්නෙ? එස් බී ද?

 

කට්ටිය ආයෙම කසුකුසුවලු. පහුගිය දවස්වල එස් බී අළුතින් ඇඳුම් මැහුවලුනේ ක්‍රීඩා ඇමතිකමට..

මොන පිස්සුද.. එස් බීයට කොහෙ දෙන්නද ඔික..

ලොක්කට ඔින තරුණයෙකුට දෙන්නලු ඒක..

 

ආරංචියේ හැටියට එයා බණ්ඩාර වෙච්ච තෙන්නකෝන් කෙනෙක්ලු..

 

(මේ කියන්නෙ අර පොලීසියේ ඇමතිතුමා දිවි හිමියෙන් පොලෝසියේ ලොකු මහත්තයා කරන්න ඔට්ටු වෙන තෙන්නකෝන් නම් නෙවෙයිලු..)

 

අපි දන්නෙ නැහැ.. මේව ඉතිං ආණ්ඩුවෙ විපක්සයෙ කට්ටියම තමයි අපිටත් ටික ටික ඔත්තු දෙන්නෙ වෙච්ච දේවල් වගේම වෙන්න යන දේවලුත් ගැන..

ඔහොම යංකෝ,,...

 

 #Gossip