SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළැඹෙන මහ මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් පිරිසක් අතර සාකච්ඡාවක් අද (27) පැවැත්වීමට නියමිතව ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ  ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

 

2024 ජනවාරි සිට නව නිලධාරී මණ්ඩලයක් සමඟ එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

පවතින තත්ත්වය හමුවේ මෙම නව නිලධාරී මණ්ඩලය ද තීරණාත්මක සාධකයක් වන අතර එළැඹෙන වසරේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ වෙනුවෙන් මෙම නිලධාරී මණ්ඩලයට විශාල වගකීමක් ද පැවරෙන බව ද  සඳහන්ය.

 

ඒ අනුව අද දිනයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කර ඇත.

 

මේ අතර ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ලබන වසරේ දී පැවැත්වෙන බව ජනාධිපතිවරයා පවසා ඇතත් එය කුමන කාලවකවානුවක පැවැත්වෙනවාද යන්න සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් මෙතෙක් සිදුකර නොමැත.