SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා අද සිය ධුරයට සමුදුන්නේය.

ඔහු අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් අනතුරුව සේවා දිගු 3ක් ලබා සිටියේය.

 

සිය ධූරයෙන් විශ්‍රාම ලබා ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට දුරකථන ඇමතුම් ලබාදී වික්‍රමරත්න මහතා දැනුම් දී ඇතැයිද පොලිස් මූලස්ථාන මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

 

පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට සූදානමක් තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 

@lankadeepa