SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊශ්‍රායලයට යවන ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින්ට හමුදා පුහුණුව ලබා දීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඊයේ (25) පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

"ගාසා තීරයේ ගැටුම් ඇවිළීමෙන් පසු ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් ප්‍රදේශවල ශ්‍රී ලාංකික විදේශිකයන් ස්ථානගත කර ඇත," මන්ත්‍රීවරයා පැවසීය.

 

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දැක්වූ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළේය. 

 

"ශ්‍රී ලාංකික විදේශිකයන් සඳහා හමුදා පුහුණුවක් ලබා දෙන්නෙ නැහැ. මේ වගේ අසත්‍ය චෝදනා එල්ල කිරීම ඊශ්‍රායලය - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාවට බලපානවා. ශ්‍රී ලංකා රජයට ඊශ්‍රායලය සමඟ නොබැඳි විදේශ ප්‍රතිපත්තියට අනුකූලව සබඳතා පවත්වාගෙන යාමට ඉඩ දෙන්න. ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයට සහ එතැන් සිට ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කළ හමුදා ප්‍රහාරවලට අපි විරුද්ධ වුණා. වගකීම් විරහිත ප්‍රකාශ කරමින්  රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට බාධා නොකළ යුතුය," ඇමැතිවරයා කීවේය.

 

ශ්‍රී ලාංකිකයන් යුද්ධය පැවති ප්‍රදේශවලට යවන බවත්, ඔවුන්ගේ ජීවිත අවදානමට ලක්වන බවට එල්ල වන චෝදනා ද ඔහු ප්‍රතික්ෂේප කළේය. ඊශ්‍රායලය විසින් අල්ලා ගන්නා ලද ප්‍රදේශවලට හෝ යුද වැදී ඇති ප්‍රදේශවලට කිසිදු සේවකයෙකු නොයවන බව අමාත්‍යවරයා පැවසීය. යුද්ධයෙන් පීඩාවට පත් නොවන ප්‍රදේශවලට සියලුම ශ්‍රමිකයින් යවන බව ඔහු පවසයි.

 

@Dailymirror