SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඇතිව තිබෙන අවුල සහ එල්ල වන චෝදනා හා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගැන විමර්ශනය කොට ඒ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට

කඩිනමින් තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ග්‍රේග් බාර්ක්ලේ මහතා ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාට යොමුකළ ඊමේල් පණිවිඩයකට පිළිතුරු ලබා දෙමින් මෙලෙස දැනුම් දී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුවේ නිලධාරීන් දෙදෙනකුගේ දැඩි විරෝධය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම දීර්ඝ කර ඇතැයිද අනෙකුත් නිලධාරීන් යම් සහනයක් ලබා දීමට කැමැත්ත පළ කළත් එම නිලධාරීන් දෙදෙනා හේතු දෙකක් මත ඊට විරුද්ධ වී ඇතැයිද සඳහන්ය.

 

එනම් ක්‍රීඩා අමාත්‍යවරයා මීට පෙර රගර් සහ පාපන්දු සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය සම්බන්ධව ඔවුන් දෙදෙනා අත්දැකීමෙන් දැන සිටීමත් එසේම ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීමෙන් පසුව එය විසුරුවා නොහැර තබාගෙන ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමත් යන කාරණා දෙක නිසා ඔවුන් දෙදෙනා විරුද්ධ වී ඇතැයි සඳහන් වේ.

 

මේ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුකෙරෙන දේශපාලනමය අතපෙවීම තවදුරටත් අධ්‍යයනය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීන්දු කර තිබේ.

 

@Deshaya