SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ට එරෙහිව

කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය පසුගියදා  අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

 

මෙම අතුරු තහනම මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් අධිකරණ නියෝගයේ සඳහන් වෙයි.

පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අධිකරණය මෙම නියෝග නිකුත් කර තිබේ.

 

එකම චෝදනාව සම්බන්ධයෙන් ම පෙත්සම්කරුට එරෙහිව නඩු දෙකක් පැවරීමට නීතිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් විමසා බැලිය යුතු නීතිමය කරුණක් ඇති බවට තීරණය කරමින් අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.

 

කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට සිය නීතිඥවරු මූලික මතු කළ විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමට විනිසුරුවරයා නියෝග කළ බව පවසමින් පාඨලී චම්පික රණවක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරන ලදී.

 

මහාධිකරණ විනිසුරුවරයාගේ මෙම තීරණය නීතියට පටහැනි බව පෙත්සම මගින් පෙන්වා දී ඇත.

පෙත්සම් විභාගය ලබන වසරේ මාර්තු මස 04 වැනිදා ඇරඹීමට නියම විය.