SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔන්න ගොවිතැනට සම්බන්ධ පළාතකින් ආපු පහුගිය කාලෙ කැබිනෙට්ටුවෙ සෙල්ලම් කරල  ස්ටාර් වෙච්ච ඇමති කෙනෙක් පහුගියදා දූසන විරෝධී ජනප්‍රියත්වයේ පීක් එකටම ගියාලු.

දූසනය වංචාව ගැන මහ ඉහළින් කතාකරපු ඒ උන්නැහේ රතු පාටියෙ කට්ටියටත් වඩා දුර ගියපු රත්තෙක් උනාලු ඒ දවස් ටිකට.

ඔන්න ඒ ඇමැත්තගෙ  රට ගැන තිබුන කැක්කුම ගැන චරිත සහතිකයක් දෙන්න වළාන දූෂන මර්ධන ඒකකයෙන් දඹුල්ලට ගියාලු.

 

ඒ ගියේ අර කියපු ස්ටාර් ඇමතිට අයත් දඹුල්ල යුරෝ නිපෝන් කියන පෞද්ගලික වාහන අංගනයේ තිබුණු රුපියල් කෝටි දෙකක් විතර වටින ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයක් අත්අඩංගුවට ගන්නලු.  පහුගිය 23 දා ඒක අරගෙන ඔන්න  දඹුල්ල පොලිසියට භාරදීලලු.

ඒ වාහනය තීරු බදු නොගෙවා තිබෙන බවත් කූට ලේඛණ සකසා ඇති බවටත් ආපු තොරතුරක් මත තමයිලු දූෂන මර්ධන ඒකකය අරගෙන තියෙන්නෙ.  ඒක අරගෙන දඹුල්ල පොලිසියට භාරදීලලු.

 

මේ කියනව වගේම වාහන අංගනයක් තිබුණලු කාලෙකට කලින් වාද්දුව පැත්තෙ. ඒ 2015 වගේ කාලකයලු. ඒකෙ වාහන 35ක් තිබුණ කියල තමයිලු වාර්තාවෙලා තියෙන්නෙ. මේක එක පාරටම ඒ කාලෙ ගිනිගත්තලු. ගිනිගත්ත වාහන අංගනය රක්ෂණය කරලලු  තිබුණෙ. ඒ හින්ඳ ලොකු මුදලක් රක්ෂන වන්දිය ගන්න පුළුවන් උනාලු.

ඔන්න දැන් අතන මෙතන කසුකුසුවක් යනවලු... වාද්දුවෙ තිබුනු යුරෝ නිපෝන් වාහන අංගනය ගින්ගත්තද? ගිනිතිවුවද කියලලු ඒ කසුකුසුව...

 

ඔන්න ඉතිං දියවන්නාවෙත් මේ වාහන සිද්ධිය ඊයේ (25) ඇදිල ආවලු.

 

මේ සිද්ධිය ගැන පරීක්ෂනයක් කරන්න කියල නිමල් පියතිස්ස කියල දියවන්නාවේ මන්ත්‍රී ඇත්තෙක් රටේ ලොකු මහත්තැන්ගෙන් ඉල්ලීමක් කරලලු.

 

බොරුද කියල අහන්නකො මේ වීඩියෝ පටයෙන්...

ගිහින් එන්නම්..

 

#Gossip