SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

'ෂම්මිලා ගෙදර නොගියොත් එන ජනාධිපතිවරණෙන් ප‍්‍රශ්ණය සම්පූර්ණෙන්ම විසඳනවා' යැයි

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ පාර්ලිමේන්තු ලොබියේදී කියා ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.

 

‘ක්‍රිකට් ප්‍රශ්න ඉවර වෙන්නේ කවදාදැයි’ පාර්ලිමේන්තු ලොබියේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා  කල විමසීමකට ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙදර ගිය විට ක්‍රිකට් හැදීම ආරම්භ කරන බව ය.

 

නමුත්  පාලක මණ්ඩලය ගෙදර නොගියොත් කරන්නේ කුමක්දැයි ජොන්ස්ටන් ප‍්‍රනාන්දු නැවත විමසා ඇත.

 

‘එහෙම වුනොත් මීලගට එන ජනාධිපතිවරණෙන් සියලු ප්‍රශ්න සම්පුර්ණයෙන්ම විසඳලා දානවා’

ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

 

ක්‍රිකට් අතුරු කමිටුව ගැන සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ඇමැති අනුකමිටුවේ සාමාජිකයන් වන අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අතර පාර්ලිමේන්තු ලොබියේ සාකච්ඡාවක් පැවති අතරතුර එහි පැමිණි ක‍්‍රීඩා ඇමතිවරයා  මෙසේ අදහස් දක්වා ඇත.

 

 

@Cnews පුවත ඇසුරිනි.

නවතම ලිපි