SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වංචා දුෂණ නතර කරන්නෙ නොකර විදුලිබිල අඩුකිරීම ගැන කතාකිරීමේන වැඩක් නැති බවත්, නිෂ්පාදන වියදමයි බිලයි ගැන කියන්න විතරක් රජයක් අවශ්‍ය නැති බවත්  

රජය කළයුතු හොරකම අඩුකර නිෂ්පාදන පිරිවැය අඩුකර ජනතාවට සහන සැලසීම බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර අද (24) පාර්ලිමේන්තුවේ අය වැය විවාදයට එක්වෙමින් පවසුවේය.

 

“අද උදාවෙලා තියෙන තත්වයට අනුව විදුලිබිල ගෙවන්න පුලුවන්ද කියලා ගැටලුවක් තියෙනවා. ආධායම් වැඩිවෙලා නෑ. නමුත් විදුලි බිල අහස උසට. අවම වශවෙන් එකක 0 සිට 30 දක්වා පවත්වාගෙන යන පිරිසට වෙන රටවල්වල ආමන්ත්‍රණය කරන්නේ  යම් ප්‍රතිපෝෂන සහන වැඩපිලිවලක් අනුව. මේ රජයට එසේ කිසිදු උවමනාවක් නෑ. මේ හේතුවට රජයට විතරක් චෝදනා කරලා විතරක් මදි. මම දැක්කා කෝප් කමිටු සමාජිකයෙකු විදිහට,  විදුලිබල මණ්ඩලයට මේසා විශාල නිෂ්පාදන වියදමක් වෙලා තියෙන්නේ මණ්ඩලය හරහා සිදුවන වංචා, දුෂණ , නාස්තිය හරහා. විශේෂයෙන්ම පෞද්ගලික විදුලි මිලදී ගැනීම් මාෆියාව නිසා.

 

 

එක්තරා පුද්ගලික විදුලි නිශ්පාදනය කරන අයතනයක් තියෙනවා ඇඹිලිපිටිය පැත්තේ. හතර වතාවක් ඇස්තමේන්තු කාලය දික් කරත් රු.104 ක මුදලක් අදටත් අය කරගන්නවා. වතාවකදි ප්‍රතිපුර්ණයකින් පසු එහෙම ගෙවීමක් කරන්නෙ  නෑ. අනිත් කාරණය  එම ආයතනයෙන්  ප්‍රශ්න කරද්දි  එම අදාල නිළධාරියා ඔහුගේ  පසුපස ඉන්න නිළධාරියාගෙ  මුණ දිහා බලනවා.

 

 

ඒ නිසා මෙම වංචා , දුෂණ නතර කරන්නෙ නැතුව මේ විදුලිබිල අඩුකිරීම ගැන කතා කරලා වැඩක් නෑ. රජය කියනවනම් නිශ්පාදන වියදම මෙච්චරයි බිල මෙච්චරයි කියනවනම් එකට රජයක් ඔින නෑ. රජය තියෙන්නෙ හොරකම අඩුකරලා නිෂ්පාදන පිරිවැය අඩුකරලා ජනතාවට සහන ලබා දෙන්න. අද රටේ  මේ වෙන කොට විදුලිබිල දිගින් දිගටම ඉහල යන නිසා පෞද්ගලික අංශයේ  සුලු හා  මධ්‍ය පරිමාන ව්‍යාපාර විශාල ප්‍රමාණයක් කඩන් වැටිලා. ඒ  හරහා රැකියා අවස්ථා බිඳ වැටිලා තියෙනවා. 2019 රට බේරගන්න කියලා මුලාවෙන් මුසාවෙන් අණ්ඩු අරගෙන ජනපතිවරයාගෙ රට බංකොලොත් කිරීම නිසා තමයි පෝළිම් හැදුනෙ. නැතුව අපි නෙමෙයි පෝළිම් හැදුවේ.

 

ඉතිහාසයෙ  පලමු අවස්ථාවට පන්සල්වල වල කරන්ට් කපන්න යනවා. දැන් සිරිපාදේ කරන්ට් කපන්න යනවා. මේ  සිංහල බෞද්ධ අණ්ඩුව. අපි ආණ්ඩුවෙ  ඉඳලා ඒ  ගොල්ලො  විපක්ෂයේ  හිටියානම්,  අපි කරන්ට් කැපුවනම් අන්න රට ජාතිය ආගම පාවලා දෙන පරගැතියෝ  කියලා කියයි. ඒ ගොල්ලො කරන නිසා හරි. අඩුම තරමෙ ආගමික සිද්ධස්ථානවලට සහනදායි වැඩ පිළිවෙලක් සකස්කරන්න. විශේෂයෙන්ම සිරීපාදය, දළදාමාළිගය , අටමස්ථාන යන ස්ථාන වලට කිසියම් ක්‍රමවේදයක්   අනුගමනය කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.

 

රටේ  ජනාධිපතිට මෙම තත්වය පිළිබඳ කිසිදු සංවේදීතාවයක් නෑ. මේක මිනිසුන්ගෙ මංස උරා බොන්න හදපු වැඩ පිළිවෙලක් . අයවැයක් ඉදිරිපත් කරා වැය විතරයි. අයක් නෑ. උදාහරණයක් විදිහට ගිය අය වැයේ අපේක්ශිත ආධායම වෙනුවට බිලියන 2600 යි....මෙය හංගපු අයවැයක්. දැන් වැට් එක 18  % වැඩි කරන්න යනවා අපි අහන්න කැමති  ඒ වැට් එක ඉන්ධන වලටත් අදාලද කියලා. මොකද එහෙම වුනොත් බස් ගාස්තු , ආහාර මිල  ඔක්කොම වැඩි වෙනවා. එකෙන් වෙන්නෙ නැවත ජනතාව පාරට බහින එක .අපි නිතරම කියනවා පුනර්ජනනීය බලශක්තියට යොමුවෙන්න කියලා . රට වටේම මුහුද , සුළන් බලාගාර ගොඩනගන්න පුලුවන්. නමුත් මෙම අයවැයෙන් කිසිදු සැලකිය යුතු මුදලක් ඒ වෙනුවෙන් වෙන්කරලා තියෙනවාද? පසුගිය කාලේ අනයනයෙ මහ පරිමාන වංචා සිදුවුනා. ඉන්ධන තෙල් බැරල් එකකින් ඩොලර් 35 ට වැඩිය වංචා කරා.

 

මම මේ  ආණ්ඩුවට ස්තුති කරනවා. මොකද තෙල් වෙළදපොළ විවෘත කරාට. ඒ සඳහා අපේ සහයෝගය අපි ලබා දෙනවා. පුද්ගලික අංශයට තරගකාරි වෙළදපොලක් ලබාදිලා රජය එය නියාමනය කලාම තමා රටක් ඉදිරියට යන්නෙ. අද තියෙන වියදම බැලුවාම ප්‍රාග්ධන වියදමට වඩා  පුනරාවර්ථන වියදම වැඩියි. මෙතරම් පුනරාවර්ථන වියදම් තිබුනොත් බදු පිට බදු ගහන වෙනවා. IOC ලාභ ලබනකොට තෙල් සංස්ථාව පාඩු ලබනවා. ඉක්මනින් තීන්දු තිරණ ගන්න ඔින. ප්‍රතිව්‍යූහගත කළ යුතු තැන් එසේ කළ යුතුයි. මොකද රජය හා පෞද්ගලික එකමුතුවෙන්  පාඩු ලබන ආයතන ලාභ ලබන මගකට ගෙන  ආ යුතුයි. ප්‍රතිපෝෂනය අවශ්‍ය  තැන් පෝෂනය කල යුතුයි. මොකද විදුලිබල මණ්ඩලය ජලසම්පදන මණ්ඩලය ලාභ ලබනවලු. බදු වලින් මිනිසුන්ගේ ඊරිමාංසය උරා බීලා ලබන ලාභයෙන් වැඩක් නෑ”.

 @මාධ්‍ය ඒකකය

 

සම්පුර්ණ අදහස් දැක්වීම පහතින්..

නවතම ලිපි