SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගෝල්ෆේස්  අරගලය විසින් මෙරට පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කර ඇතැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් කියයි.

වසරක පමණ කාලයක් තිස්සේ අරගලයත් ඒ ආශ්‍රිත සිද්ධීන් සම්බන්ධයෙනුත් පොලිසියට සම්පූර්ණ අවධානය යොමු කිරීමට සිදුවූ නිසා එමගින් වෙනත් කටයුතුවලට අවධානය අඩු වු බවද ඔහු පවසයි.

 

ඊයේ (23) ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් අමාත්‍ය ටිරාන් අලස් මේ බව පැවසීය.

 

අරගලය පැවැති කාලයේදී මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් වැඩි වී තිබෙන බවත් මේ වනවිට පාතාලය හා මත්ද්‍රව්‍ය මැඩලීමට ක්‍රමානුකූලව කටයුතු කරමින් සිටින බවත් ඔහු මෙහිදී කියා සිට්යේය.

 

කෙසේ වුවත් පසුගිය කාලයේදී විවිධ විචාරකයින් දක්වා තිබුණේ අරගලයේ ප්‍රමුඛව කටයුතු කළ සමහර පුද්ගලයින් ඇමති ටිරාන් අලස්ගේ කාර්යාලයේ සේවයේ නියුතුව සිටින බවය.

නවතම ලිපි