SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසහනට සහය වීමට ආසියානු සංවර්ධන බැංකුව,

ඉන්දීය මධ්‍යම විදුලිබල අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය පන්කජ් බාත්‍රා මහතා පත්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසා ඇත.

 

කොළඹ විශ්වවිද්‍යාලයීය මානව සම්පත් කළමණාකාරන අංශයේ මහාචාර්ය අරෝශා අධිකාරම් සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආයතනික ශක්තිමත් කිරීමේ උපදේශකයවරයෙක් වන ඩබාසිස් මහපත්‍රා ද මෙම වැඩසටහනට සහය දැක්වීමට පත්කර ඇති බව  අමාත්‍යවරයා කියයි.

 

pankaj 2

 

නව විදුලිබල පනත ගැසට් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට පෙර කැබිනට් මන්ඩලය අනුමත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ  සාමාජිකයන්, ආසියානු සංවර්ධන බැංකුව, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය, ලෝක බැංකුව සහ ඇමෙරිකානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය ඇතුළු සංවර්ධන නියෝජිත ආයතනවල නිරීක්ෂණ සහ ව්‍යවස්ථානුකුලව අවශ්‍ය රෙගුලාසි සකස් කිරීමට සහ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව, අයක්‍රමය සැකසීමේ නීති සහ පනතේ සිංහල පරිවර්තනය වන කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළ බව ද ඔහු කියයි..

 

විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල ක්‍රියාත්මක කීරීම් සඳහා පසුගිය සදුදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවූ බවත් ඒ අනුව නව විදුලිබල පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අමාත්‍ය කාංචන විජේසේකර වැඩි දුරටත් පැවසීය. 

 

@news from lankadeepa

නවතම ලිපි