SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර යෝජිත සටන් විරාමය අද (24) එරට වේලාවෙන් උදෑසන 7ට ඇරඹෙන බව කටාර් විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

දෙපාර්ශ්වය අතර සටන් විරාමය ඇති කිරීමට මැදිහත්කරු ලෙස කටයුතු කරන්නේ කටාර් රාජ්‍යය යි.

 

 

 

දින හතරක සටන් විරාමය සිකුරාදා දේශීය වේලාවෙන් උදේ 7 ට (GMT 05:00) ආරම්භ වන අතර පළමු සිවිල් සිරකරුවන් 13 දෙනෙකු  සවස 4 ට පමණ (14:00 GMT) නිදහස් කරන බව කටාර් විදේශ අමාත්‍යාංශය පවසයි.

 

  • ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටින පලස්තීන සිරකරුවන් ද නිදහස් කෙරෙන අතර ආධාර රැගත් ට්‍රක් රථ රෆා හරස් මාර්ගයෙන් ගාසා තීරයට ඇතුළු වන බව අමාත්‍යාංශ ප්‍රකාශක පවසයි.

 

  • ඊශ්‍රායලය විසින් අල්-ෂිෆා රෝහලේ අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගැනීම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය  සමඟ රෝහල් ඉවත් කිරීම් සම්බන්ධීකරණය කිරීම නවත්වන බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

  • ඔක්තෝබර් 7 සිට ගාසා තීරයේ 14,800 කට වැඩි පිරිසක් මේ වනවිට මිය ගොස් ඇත. ඊශ්‍රායලයේ, හමාස් ප්‍රහාරවලින් නිල සංඛ්‍යා දත්තවලට අනුව මියගිය සංඛ්‍යාව 1,200 ක් පමණ වේ.

 

@AlJazeera news

නවතම ලිපි