SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදල් පනත අනුව එම අරමුදලේ සභාපති ලෙස නිල බලයෙන් අගවිනිසුරු පත් විය යුතුව තිබුණු අතර

පසුව එම තනතුර සඳහා භාණ්ඩාගාර නියෝජිතයෙකු පත් කිරීම දක්වා වෙනස් කර දැන් එම තනතුරේ සිටීම සඳහා කිසිඳු නීතිමය පසුබිමක් නැති වෙළඳ ඇමති නලීන් ප්‍රනාන්දු තම දේශපාලන බලය යොදවා කටයුතු කරමින් සිටින බව අනාවරණය වේ.

 

එම භාර කාර අරමුදලේ සභාපති ලෙස අගවිනිසුරු පත්වීමේ නීත්‍යානුකූල තත්වය වෙළඳ ඇමති ධුරය දැරූ බන්දුල ගුණවර්ධන විසින් වෙනස් කරනු ලැබීය. අගවිනිසුරුට පැවරී තිබෙන කාර්යබහුල තත්වය සලකා මෙම වෙනස් කිරීම කරන බවත් භාණ්ඩාගාර නියෝජිතයෙකු ඒ සඳහා නම් කිරීම සිදු කළ යුතු බවත් එම සංශෝධනයේදී ස්ථාපිත කර තිබිණි. නමුත් මේ වනවිට එවැනි කිසිදු පදනමක් නොමැතිව වෙළඳ ඇමති නලීන් ප්‍රනාන්දු මහ පොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සභාපති ලෙස කටයුතු කරමින් සිටී.

 

වාර්ෂිකව මෙම අරමුදලට අවම වශයෙන් රුපියල් කෝටි 2,600ක මුදලක් ලැබෙන අතර ශිෂ්‍යත්ව ගෙවීම් වෙනුවෙන් සාමාන්‍යයෙන් රුපියල් කෝටි 1,160ක් පමණ වාර්ෂිකව වැය වේ. මේ වනවිට එම ගිණුමේ ශේෂය රුපියල් කෝටි 1,150ක් පමණ පවතින බවත් නමුත් පසුගිය මාස 11ක් පුරා මෙහි ගිණුම් කටයුතු කිසිම විගණනයකට ලක් කර නැති බවත් අනාවරණය වි ඇත.

 

මේ වනවිට විවිධ මූල්‍ය අපරාධවල යෙදී සිටින්නෙකු වශයෙන් චෝදනා ලැබ සිටින වෙළඳ ඇමති මහපොළ ශිෂ්‍යත්ව අරමුදල සම්බන්ධයෙන් ගෙන යන මේ ක්‍රියාමාර්ගය තුළ බරපතල සැකකටයුතු තත්වයක් උද්ගත වී තිබේ.

 

රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිතා කර සාපරාධි විශ්වාසය කඩ කිරිම සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ චෝදනා එල්ලවී තිබීම එක් උදාහරණයකි.

 

News from @ Lankatruth

නවතම ලිපි