SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

(cartoon picture credit-dailymirror)

අද දියවන්නාවට රටේ ලොකු මහත්තයා ඇවිත් ක්‍රිකට් අර්බූධය ගැන කතාකලා.

ලොක්ක කිව්වෙ නම් සෙල්ලම් ඇමතිගේ ඉල්ලීමට අනුව ඔහු  ක්‍රිකට් ආයතනය  අධිකරණය හමුවේ ගොනුකිරීමට නියමිතව තිබූ නඩුවට පෙනී ඉන්න කියල නීතිපතිවරයාට දැනුම්දුන්නලු.

 

රටේ ලොකු මහත්තය කියනවා ඔන්න ඉතිං පහුවෙනිදා තිබුණු  නඩුවට සෙල්ලම් අමාත්‍යාංශයේ ඇමතිගේ කට්ටිය  අධිකරණයට ගිහින් තියෙන්නෙ  10.30 ත් පහුවෙලාලු. එතකොට නඩු තීන්දුව ලබා දීලලු..

ඒ සිදුවීම සම්බන්ධයෙන් සෙල්ලම් ඇමතිගෙන් වාර්තාවක් කැඳවනව කියලත් ලොකු මහත්තය දියවන්නාවෙදි කිව්ව.

මේ ගොසිපය නම්  ඒ ගැන නොවුනත්  ඒකටම සම්බන්ධ තවත් කාරණයක්.

 

අද දියවන්නාවට ලොකු මහත්තය එනව කියල කල්තියා දැනගෙන උන්න සෙල්ලම් ඇමතිතුමා නඩුවක් තියෙනව  කියල උසාවියට ගිහිල්ලලු.

කට්ටිය නම් කියන්නෙ අද සම්බුව ලැබෙයි කියල කලින්ම දන්න හින්ඳ උසාවි ගියා කියලලු.

මොනව උනත් සෙල්ලම් ඇමතිතුමා අමාත්‍යාංශයෙ නඩුවකට උසාවි ගිහින් තියෙන්නේ පළවෙනි වතාවටලු.

සාමාන්‍යයෙන් ඔය තියෙන නඩුවලට යන්නෙ ඒවයෙ නීතීඥතුමන්ලා මිසක් ආයතනයේ ඉහළ නිළධාරියෙක් මිසක් ඇමතිවරයා නම් නෙවෙයිලු.

කොහොම උනත් ඒ නඩුව අදයි හෙටයි දෙකේම තියෙනවලු.

ඒත් අද දවස මගෑර ගනිපු සෙල්ලම් ඇමතිතුමා හවස් වෙද්දි පොළොන්නරු ගම් පළාතට ගිහින්ලු.

හෙට ගම් පළතෙ වැඩක් කියල.

 

කොහොම උනත් සෙල්ලම් ඇමතිතුමායි රටේ ලොකු මහත්තයැයි මැද්දෙ පුතාණන් විතරක් නෙවෙයි ගම්පහ පැත්තෙ වීරයෙකුත් ඉඳගෙන හොඳ කස්තිරමක් අල්ලනව කියලයි හවස් අතේ දෙකක් දාගත්ත දියවන්නාවෙ සෙට් එකක් ෂුට්ටක් විතර වදිද්දි කතාවෙලා තිබුණෙ.

 

මේව ඉතිං ඇත්තම ගොසිප් උනත් 'ලූ' ගොසිප්නෙ නේද?

 

#Gossip

නවතම ලිපි