SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් බෙදා හරින ලද රස කළ සිගරට් නිෂ්පාදන වර්ග තුනක් විකිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා ඇත.

ඒ අනුව Dunhill Switch, Dunhill Double Capsule සහ John Player Gold Pro Cool සිගරට් අලෙවිය නතර කර තිබේ. 

 

නොවැම්බර් 17 වැනිදා සිට මෙම පියවර ගෙන ඇත.

 

ඒ, 1982 (33) ගැසට් නිවේදනයට අනුව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් 2016 සැප්තැම්බර් 1 වන දින මාතර, කොළඹ සහ අනුරාධපුරයේ දී ගොනු කරන ලද නඩුවලට අදාළව තීන්දුව දෙමිනි.

 

මේ අතර, මෙම දුම්වැටි අලෙවිය වහා නතර කරන ලෙසත්, මෙම දුම්වැටි පැකට් වෙළඳසැල්වල පාරිභෝගිකයන් වෙත ප්‍රදර්ශනය කිරීමෙන්  ඉවත් කරන ලෙසත් CTC ආයතනය සිය සිල්ලර වෙළෙඳුන්ට දන්වා ඇති බව ඩේලි මිරර් වාර්තා කර ඇත.

 

dun 2

 

 

දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි (NATA) පනතට අනුව, 2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ 33 වැනි වගන්තිය සමඟින් කියවා ඇති 30 වැනි වගන්තිය යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඊට අදාළ රෙගුලාසි හඳුන්වා දී ඇත. එකී ගැසට් පත්‍රයට අනුව දුම් රහිත දුම්කොළ නිෂ්පාදන හෝ මිශ්‍රණය දුම්කොළ අඩංගු ඕනෑම රස, වර්ණ හෝ පැණිරස සිගරට් හෝ දුම්කොළ අඩංගු ඕනෑම ඉලෙක්ට්‍රොනික සිගරට් තහනම් ය.

 

 

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, එකී රසකාරක දුම්කොළ ද්‍රව්‍ය අලෙවිය සහ බෙදාහැරීම අත්හිටුවීම සම්බන්ධයෙන් NATA ආයතනය පවරා තිබූ නඩු සම්බන්ධයෙන් අභියාචනාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ බවයි.

 

 

තීන්දුව වාචිකව ලබා දී ඇති බවත් එය තම වෙබ් අඩවියට ඇතුළත් කර නොමැති බවත් ඔහු කියා සිටියේය.

එබැවින් මේ පිළිබඳව සොයා බලන ලෙස ඔහු අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

 

එසේම විපක්ෂනායකවරයා පැවසුවේ CTC ආයතනය විසින් NATA ආයතනයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ද පවරා ඇති බවයි.

 

 

@dailymirror

නවතම ලිපි