SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යම් හෙයකින් ක්‍රීඩා අමාත්‍ය තනතුර තමාට හිමි වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත්

සමඟ එක්ව සාකච්ඡා කර මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පවතින ගැටලු සතියක වැනි කාලයකින් විසඳා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක කියා ඇත.

 

මේ මොහොතේදී ක්‍රීඩා අමාත්‍යධූරය භාර දිය යුතු සුදුසුම පුද්ගලයා එස් බි දිසානායක බව ජනාධිපතිවරයා තීරණය කළහොත් එම වගකීම ඉටු කිරීමට සූදානම් දැයි 'නෙත් නිවුස්' කළ විමසිමකදි ඔහු එසේ කියා ඇතැයි සඳහන්.

 

පක්ෂයක් සමඟ පවතින ගැටලුව ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ව සහයෝගයෙන් විසඳා ගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පවසන්නේ.

රොෂාන් රණසිංහ යම් ලෙසකින් ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් ඒ වෙනුවට එස්.බී.දිසානායක පත්කිරීමට නියමිත බවට පළවූ මාධ්‍ය වාර්තා පළ විය. මේ නිසා ඔහු මේ දිනවල දැඩි උද්යෝගයෙන් සිය දේශපාලන කටයුතු සිදු කරන බවත්  ඔහුට හිතවත් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

 


ඔහුගේ දුරකතනයටද සුභ පැතුම් ගලාගෙන එන බව asianmirror.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

 

 

@theleader පුවත ඇසුරිනි.

නවතම ලිපි