SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වී ඇත.

අද (21) අහ්මාබාද්හි දී පැවැත්වෙන ICCරැස්වීමේදී ඒ බව තීරණය කර ඇත.

ඒ අනුව තරඟාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමටත් ICCය තීරණය කර ඇත.

 

ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධව මේ වනවිට පවතින අර්බූධකාරී තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

 

 

මීට පෙරදී තීරණය කර තිබුණේ යොවුන් ලෝක කුසලානය ජනවාරි 13 සිට පෙබරවාරි 04 දක්වා ශ්‍රී ලංකාවේ දී ‌කොළඹ පිහිටි ක්‍රීඩාංගන 5කදී පැවැත්වීමටය.

මේ අසීරු මොහොතේ ලංකාවට ලබාගත හැකිව තිබූ විශාල ආර්ථික වාසියක් එමගින් අහිමි වී ඇතැයි විචාරකයින්ගේ මතය වී ඇත.

 

 

icc meating 2

 

 

මේ අතර ලංකාවේ ක්‍රිකට් තහනම ගැන ICCය අද තීරණය කර ඇත්තේ එකී සාමාජිකත්වය අත්හිටුවීමේ තීරණය එලෙසම පවත්වාගෙන යාමටය.

ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමින් අයිසීසීය පියවර ගෙන තිබුණි.

 

 

ඔවුන් කියා ඇත්තේ “ අත්හිටුවීම ඉවත් කළ නොහැකි බව මණ්ඩලයේ ඒකමතික තීරණයක්..රට තුළ ක්‍රීඩාව සාමාන්‍ය පරිදි සිදුවේවි” යනුවෙනි.

 

 

කෙසේ වෙතත් ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවා ඇතත්, ශ්‍රී ලංකා කණ්ඩායමට ගැටලුවකින් තොරව ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ සඳහා ක්‍රීඩා කළ හැකි වේ. ඒ අනුව එළැඹෙන යොවුන් ලෝක කුසලාන තරඟාවලිය සඳහා ක්‍රීඩා කළ හැකිය.

 

ක්‍රිකට් ආයතනයේ කටයුතු ස්වාධීනව කළමණාකරනය කිරීමේ අවශ්‍යතාවය හා ලංකාවේ ක්‍රිකට් පාලනය, නියාමනය  සඳහා රජයේ මැදිහත්වීමක් සිදු නොවන බවට සහතික වීමට නොහැකි තත්වයක් තුළ මෙම අත්හිටුවීම පසුගියදා සිදු කර තිබුණි.‍‍

 

මේ අතර අද අහ්මාබාද්හි පැවැත්වෙන ICC රැස්වීමට සහභාගී වී එහි ප්‍රධානීන්ට  කරුණු ඉදිරිපත් කිරීම සඳහා රහසේම ඉන්දියාවට ගොස් ඇති ජයන්ත ධර්මදාස සහ අධීකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ හමුවීම ICC ය ප්‍රතික්ෂේප කර ඇතැයි හිරු මාධ්‍ය වාර්තා පළ වී ඇත.

 

 (newswire.lk පුවත ඇසුරිනි)

 

සමාජ මාධ්‍ය සංසරණය වන පෝස්ටුවක්.

WhatsApp Image 2023 11 21 at 17.57.13

නවතම ලිපි