SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමා පසුගිය කාලය තුළ කෝප් කමිටුවට ඉදිරිපත් කළ ලිපි තුනක් අද දින සභාගත කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී

එස්.එම්.මරික්කාර් අද පැවසු‌වේ මහා පරිමාණ සොරකම් තිබෙන බවත් ඒවා ගැන සොයන්නට ගෙන්වන්නෙ නැති කෝප් සභාපති පොඩි පොඩි වාර්තා ගැන හොයමින් සිටින බවයි.

“වැඩි මුදලට ලිට්‍රෝ ගෑස් ගෙන්වීම සම්බන්ධව සොයා බලන්න කියල ලිභත ඉල්ලීමක් කලා 2022.06.30  හිටපු කෝප් කමිටු සභාපතිවරයා ඒක කැඳෙව්ව. ඉන් පස්සෙ ඒක තාවකාලිකව නතර උනා පාර්ලිමේන්තුව කල් තැබීම සහ ඒ ආශ්‍රිත සිදුවීම් එක්ක. අළුත් සභාපතිවරයා ආවා. නැවත 2022.10.26 වැනිදා ලිට්‍රෝ ගෑස් සමාගම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිළදී ගැනීම් සම්බන්ධව ප්‍රශ්න කරන්න කැඳවන්න කියල ලිඛිතව ඉල්ලුවා, වාචිකව ඉල්ලුවා, මතක් කළා..කැඳෙව්වෙ නැහැ අදවෙනකල්. එය මා සභාගත කරනවා.

තුන්වැනි ලිපිය කාබනික පොහොර මෙට්ට්‍රික් ටොන් 96000ක් මිළදී ගැනීම සම්බන්ධව.

2023.07.20 වැනිදා මේ විගණන වාර්තාව ගැන කැඳවන්න කියල ලිඛිත ඉල්ලීමක් කලා. කිසිදු ප්‍රතිචාරයක් නැහැ..

මහා පරිමාණ හොරකම් තියෙනවා ඒව ගැන හොයන්න ගෙන්වන්නෙ නැති නිසා මම මේ ලිපි 03 සභාගත කරනවා.”

 

නවතම ලිපි